John Keells X නවෝත්පාදන විවෘත අභියෝගය 2018/19 අදියරට සියල්ල සූදානම්

 ඡායාරූපය:

John Keells X නවෝත්පාදන විවෘත අභියෝගය 2018/19 අදියරට සියල්ල සූදානම්

John Keells X නවෝත්පාදන විවෘත අභියෝගය වැඩසටහන 3 වැනි වරටත් පැවැත්වීම සඳහා මේ වනවිට සියලු කටයුතු සැලසුම් කර ඇත. එමඟින් පෙර වසර දෙකෙහිදී මෙන්ම 2018/19 කාලසීමාව තුළදීද මෙරට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් රැසක් මෙම නව ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහන සඳහා තරගවැදීමට නියමිතය. තරගයේ ජයග්‍රාහකයන්ට රු. මිලියන 2.5ක මූලික ආයෝජනයක්, අදාළ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැකසූ වර්ධන සැලැස්මක්, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ උපදෙස්, කොළඹ ප්‍රදේශයෙන් නොමිලේ කාර්යාල පරිශ්‍රයක්, ඉහළම තලයේ නීතිමය, මූල්‍ය හා සමාගම් ලේකම් සේවාවන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟපෙන්වීම්, ජෝන් කීල්ස් සමාගම් සමග සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මෙන්ම මූලික අදියරේ මාස 6ක කාලයට පසුව තවදුරටත් ආයෝජන ලබාගැනීමේ අවස්ථාව යනාදී ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

මෙරට නිර්මාණශීලී හා බුද්ධිමය ව්‍යවසායක කුසලතා සපිරි පුද්ගලයන්ට අතදීමක් වශයෙන් 2016 වසරේදී ආරම්භ වූ John Keells X වැඩසටහන පසුගිය වසරේ සිට පරිපූර්ණ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහනක් බවට විකාශනය වී තිබේ. දැනටමත් මෙම වැඩසටහනට රටේ තරුණ ව්‍යවසායක ප්‍රජාව වෙතින් විශාල උනන්දුවක් පළවී ඇති අතර, ඔවුන්ට අත්වැලක් වීමෙන් නොනැවතී, ව්‍යාපාරකරණයේදී අත්‍යවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පුළුල් ආයෝජනයක් සිදුකිරීම මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇත. ආරම්භක තලයේ ව්‍යාපාරවලට මඟපෙන්වීම සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලැබූ පුහුණුකරුවෝ පිරිසක්ද මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදෙති. ඊට අමතරව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුද්ගලයන්ගේ මඟපෙන්වීමද මෙහිදී තරගකරුවන් වෙත හිමි වේ.

පසුගිය වසරේදී මෙම වැඩසටහන යටතේ ජයග්‍රාහකයන් 6 දෙනෙකු තෝරාගැනුණු අතර ඔවුන්ට මාස 6ක කාලයක් තුළ තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දායකත්වය සහිතව පුළුල් මට්ටමේ සහායක් ලබාදෙන ලදී. නවෝත්පාදනය සඳහා වැදගත් වන මූලිකම ගුණාංගය වන්නේ කාලයේ තාලයට අනුගත වෙමින් අඛණ්ඩව විකාශනය වීමේ හැකියාවයි. John Keells X වැඩසටහනද, එහි පසුගිය අදියරවලදී හඳුනාගත් සාධක අනුව, මේ වනවිට තවදුරටත් දියුණු වූ වැඩසටහනක් බවට විකාශනය වී තිබේ. මෙහි 3 වැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අයදුම්කරුවන්ට දැන් උදාවී ඇත.

2018 දෙසැම්බර් 03 දින සිට 2019 පෙබරවාරි 06 වන දින දක්වා අයදුම්පත් බාර ගැනෙන අතර www.johnkeellsx.com වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක. වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු එම වෙබ් අඩවියේ දක්වා තිබේ. මීට අමතරව අයදුම්කරුවන්ට තවදුරටත් තොරතුරු ලබාදීම සඳහා මාර්ග ප්‍රචාරණ වැඩසටහන් සහ හමුවීම් මාලාවක් සංවිධානය කිරීමටද සමාගම කටයුතු යොදා ඇත.

මාතෘකා