FriMi ට සම්මාන ත්‍රිත්වයක්

FriMi ට සම්මාන ත්‍රිත්වයක්

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව හඳුන්වා දුන්, මෙරට ප්‍රථම ඩිජිටල් බැංකුව ලෙසින් සැලකෙන FriMi, පසුගියදා පැවැති SLT Zero One සම්මාන උළෙලේ දී සම්මාන 3 කින් පිදුම් ලැබීය. කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැති මෙම උළෙලේදීි ‘The Best Community Empowerment Programme (Overall)', ‘Best Community Empowerment Programme (Financial Category)’ සහ ‘Best Use of Mobile (Financial Category) යන කාණ්ඩ යටතේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට FriMi සමත් විය.

FriMi සමඟින් මෙරට පාරිභෝගිකයන්ට හා වෙළඳ ව්‍යාපාර සඳහා අති නවීන තාක්ෂණය සමඟින් බැංකු සහ මූල්‍ය කළමනාකරණ සේවාවක් සැපයේ. මේ අනුව අද වනවිට මෙරට සියලූම පාරිභෝගික කාණ්ඩවලට වඩාත් පහසුවක් සලසන විශිෂ්ට තලයේ මූල්‍ය බැංකුකරණ විසඳුමක් බවට පත්ව ඇත.

මාතෘකා