තිරසර ව්‍යවසායකයන් බිහිකිරීමට SLIM වෙතින් නව පාඨමාලාවක්

 ඡායාරූපය:

තිරසර ව්‍යවසායකයන් බිහිකිරීමට SLIM වෙතින් නව පාඨමාලාවක්

අලෙවිකරණය පිළිබඳ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් හඳුන්වා දෙන නවතම පාඨමාලාව වන ව්‍යාවසායකත්ව අලෙවිකරණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව (CEM) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සහ ජාතික වානිජ මණ්ඩලය යන ආයතනවල වෘත්තීයවේදීන්, නිලධාරීන් සහ තෝරාගත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් පිරිසක්ද සහභාගි වූහ. ඉහළ යන තරගකාරීත්වය සහ අනපේක්‍ෂිත තත්ත්වයන් හමුවේ ස්ථාවරව සිටීම සඳහා විශේෂයෙන්ම ආරම්භක මට්ටමේ සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපකාරී වන මූලික දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ මූලික අරමුණයි.

මෙය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දෙඅංශයන්ගෙන් සැදුම්ලත් පස් මාසික පාඨමාලාවකි. එහි ප්‍රධාන ආරාධිත දේශනය Idea Groupහී ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්‍ෂ ඉන්දික සම්පත් මායාකඩුව මහතා විසින් පැවැත්වූ අතර SLIM ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වඩ්, ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්‍ෂක සනත් සේනානායක, උප සභාපති (අධ්‍යාපනික)ව්‍යාපාර සහ අලෙවිකරණ උපදේශක සුරංජිත් ස්වාරිස්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්‍ෂිකා අනෝමා කරලියද්ද සහ ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති රමල් ජයසිංහ යන මහත්ම මහත්මීන්ද කෙටි දේශන පැවැත්වූහ.

මාතෘකා