HUAWEI වෙතින් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය NOVA 4

 ඡායාරූපය:

HUAWEI වෙතින් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය NOVA 4

ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් HUAWEI සමාගම HUAWEI NOVA 4 නවතම ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය.මෙහි ඇති දර්ශන තිරයේ සැකැස්ම අනුව තවදුරටත් notch එකක අවශ්‍යතාවක් පැන නොනඟින අතර ඒ අනුව උපරිම දර්ශන අත්දැකීමක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවේ.

පසුපස කැමරා පද්ධතිය කැමරා ත්‍රිත්වයකින් සමන්විත වන අතර දර්ශන තිරය සහ සැකැස්ම අතර ප්‍රතිශතය 91.8%වේ. HUAWEI සමාගම මෙම දුරකථනය සඳහා පුළුල් අඟල් 6.4ක IPS LCD පැනලයක් සහ edge-to-edge දර්ශන තිරයක් භාවිතකර ඇත. මෙම දර්ශනීය තිරය 4.0 ඇඟිලි සලකුණු තාක්ෂණයෙන්ද සමන්විත වේ.

මාතෘකා