NKAR සමාගමට 'ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ'

 ඡායාරූපය:

NKAR සමාගමට 'ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ'

දශක හතරක් පුරා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සීමාසහිත NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංචාරක සම්මාන - 2018 උලෙළේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ දිනා ගත්තේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සය වැනි වරටත් සංවිධානය කළ සම්මාන උලෙළ පසුගියදා කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රැකියා අවස්ථා 150කට වඩා උපදවමින්, ආගමනික හා විගමනික සංචාරක මෙහෙයුම්වලින් ඩොලර් මිලියන 17ක සාර්ථකත්වයක් ලැබූ NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සමාගමේ සේවාදායකයන් සංඛ්‍යාව 50000 ඉක්මවයි. ත්‍රාසජනක, සම්භාව්‍ය, පාරිසරික, ශරීර සුවතා, සුඛෝපභෝගී, රැස්වීම්, උත්සව, දිරි ගැන්වීම් ඇතුළු සංචාරක අංශ රැසක් සමාගමේ ආගමනික මෙහෙයුම් අතර වෙයි.

භාණ්ඩ සහ සේවා සැපයීමටත්, ශ්‍රී ලංකා දිශාන්තය විශේෂ අත්දැකීමක් කිරීමටත් නිරන්තරයෙන් එක් වන හවුල්කරුවන්ට, සැපයුම්කරුවන්ට හා මේ වෙනුවෙන් ඇප කැප වූ කාර්ය මණ්ඩලයට කෘතඥතාව පිදූ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය ඬේමියන් ප්‍රනාන්දු මහතා සමාගමේ ව්‍යාපාර සංස්කෘතිය ජයග්‍රහණයට හේතු වූ බව පැවසීය. සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමග දිවයිනේ ප්‍රමුඛතම සංචාරක සංවිධානවල නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වූ මෙම උත්සවයේදී කාණ්ඩ 11ක් යටතේ විශිෂ්ටයන් 72කට සම්මාන පිදීය.

මාතෘකා