සී ටු ප්ලේට් (Sea to Plate) ආපිකෝ වෙතින් නැවුම් පාරිභෝගික අත්දැකීමක්

 ඡායාරූපය:

සී ටු ප්ලේට් (Sea to Plate) ආපිකෝ වෙතින් නැවුම් පාරිභෝගික අත්දැකීමක්

දිවයිනේ සුපතල සුපිරි වෙළෙඳසැල් සමූහය අතරින් විශිෂ්ටත්වයෙන් හා ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ වැජඹෙන ආපිකෝ සුපර් සෙන්ටර් තම පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස් ප්‍රමිතියෙන් යුතු ආහාර සැපයීම් ක්‍රියාවලියේ තවත් දිගු පියවරක් පෙරට තබා ඇත. එම නව ව්‍යාපෘතිය මගින් අතරමැදියන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා වන අතරම අලුත්ම මුහුදුමාළු ඉතාම සාධාරණ මිල ගණන්වලට ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවනු ඇත.

සී ටු ප්ලේට් ව්‍යාපෘතිය යටතේ ආයතනය සතු එක්දින ධීවර යාත්‍රා මගින්, සශ්‍රීක මත්ස්‍ය සම්පත් බහුල මීගමුව හා බේරුවල මුහුදු තීරය තුළ දී හිමිදිරි උදෑසන නෙළා ගන්නා මත්ස්‍ය තොග, ඒ ආශ්‍රිත ආපිකෝ සුපිරි වෙළෙඳසැල් වෙත පමණක් උදෑසන කාලයේදීම බෙදා හැරේ. සමස්ත ක්‍රියාවලියම ආපිකෝ මගින් මෙහෙයවන බැවින් ඉතාම කඩිනමින් නැවුම් මත්ස්‍ය වර්ග පාරිභෝගිකයන් අතට පත් වේ.

මෙමඟින් එක්දින ධීවර යාත්‍රාවේ සිට සුපර් සෙන්ටර්හි මත්ස්‍ය අලෙවි කවුළුව දක්වා, අතරමැදි වියදම් මඟහැරී යන අතර, නැවුම් බව සහ පෝෂ්‍යදායී බවින් පිරිපුන් මුහුදු මාළු සාධාරණ පහසු මිලකට ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

දශක 8කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ඇති සී/ස රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරය තම ආදරණීය පාරිභෝගික සහෘදයන්ගේ ජීවිත වඩවඩාත් පහසු කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම අද්විතීය ව්‍යාපෘතිය සමාගම් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි. මෙම ව්‍යාපෘතිය මඟින් අධිවේගී අවිවේකී ජීවිත ගෙවන පාරිභෝගික ජනතාවට සැකයකින් තොරව ගෙවන මුදලට ගැළපෙන වටිනාකමකින් යුත් නැවුම් මාළු විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඇති හැකියාවම ඔවුනට මහත් අස්වැසිල්ලකි.

මාතෘකා