People's Wiz Credit  ඩිජිටල් පුද්ගල ණය මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවෙන්

 ඡායාරූපය:

People's Wiz Credit  ඩිජිටල් පුද්ගල ණය මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවෙන්

මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ ඩිජිටල් ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි. මෙම නව ඩිජිටල් ඒකකය තුළින් පුද්ගල ණය අයදුම් කිරීම සහ අනුමත කිරීම නව තාක්ෂණයට අනුව සිදුකළ හැකි Digital Personal Loan (ඩිජිටල් පුද්ගල ණය) පහසුකම්ද ලබාගැනීමේ අවස්ථාව උදාකර ඇත. People's Wiz Credit නමින් හැඳින්වෙන මේ තුළින් ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය ඉතා කෙටි කාලයක් තුළ ලබාගත හැකිවීම විශේෂත්වයකි.

මහජන බැංකුව පුද්ගල ණය ලබාගැනීමේ යන්ත්‍රණය සරල කිරීම උදෙසා විප්ලවීය පියවරක් තබමින් හඳුන්වා දුන් වඩාත් කාර්යක්ෂම පුද්ගල කේන්ද්‍රීය ණය උත්පාදන පද්ධතියක් ඔස්සේ සිදුකරන People's Wiz Credit ක්‍රමය, මහරගම ශාඛාව නව පරිශ්‍රයකට ගෙන යාමේ උත්සවයට සමගාමීව පසුගියදා දියත් කරන ලදී. මහජන බැංකුවේ යුනියන් පෙදෙස ඩිජිටල් ඒකකය මෙම ණය ක්‍රමය දියත් කළ දෙවන ඒකකයයි.

එමෙන්ම මෙම ඩිජිටල් ඒකකය තුළින් කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් ගිණුම් විවෘත කිරීම්, මොබයිල් බෑන්කින් සහ ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම් අත්විඳිමින්, මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම්, බිල්පත් ගෙවීම් ස්වයං බැංකුකරණ සේවාව මඟින් එසැණින් සිදුකරගත හැක.

මාතෘකා