
SLT වෙතින් වවුනියාවේදී විශේෂ තෛපොංගල් සැමරුමක්
මෙරට පුරෝගාමී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් වවුනියාව වෙල්ලිකුලම් ගම්මානයේ තෙප්ලිකුලම් ප්‍රජා මධ්‍යස්ථානයේදී විශේෂ තෛපොංගල් සැමරුමක් සිදුකරන ලදි. ප්‍රදේශයේ ආගමික නායකයන්, වවුනියාව පොලිසිය, පාසල් සිසුන්, විදුහල්පතිවරුන් සහ ප්‍රජා මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයන් මෙන්ම ප්‍රදේශයේ පවුල්වල එකතුවෙන් මෙම තෛපොංගල් සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50ක් වෙනුවෙන් වියළි ආහාර සලාක බෙදාදීමද පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් බෑග් සහ පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමද සිදු විය. එසේම අවට ප්‍රදේශයේ පිහිටි පාසල්වල පුස්තකාල සඳහා ඉංග්‍රිසියෙන් ලියැවුණු පොත් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කෙරිණි.
ජනප්‍රිය ලිපි