පීපල්ස් ලීසිං සමාගම Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානයෙන් පිදුම් ලබයි

 ඡායාරූපය:

පීපල්ස් ලීසිං සමාගම Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානයෙන් පිදුම් ලබයි

මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

තිරසාරත්වය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් පුරවැසියන් ඇගයීමට ලංකා වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන Best Corporate Citizen Sustainability Awards සම්මාන උ‍ෙලළෙහි 15 වැන්න ගරු කථානායක, කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.

Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානය පිළිගැනීමට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ්‍රහිිම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී විය.

පීපල්ස් ලීසිං සමාගම Best Corporate Citizen Sustainability Awards - 2018 සම්මානය දිනාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී, සබ්‍රි ඊබ්‍රහිම් මහතා පැවසුවේ, "ආර්ථිකය, තිරසාරත්වය හා සමාජ ශුභසාධනය වෙනුවෙන් කැපවූ මෙරට ප්‍රමුඛතම සමාගම් ඇගයීමට පවත්වන Best Corporate Citizen Sustainability Awards සම්මාන ප්‍රදානයේදී මෙරට ප්‍රමුඛතම සමාගම් 10 අතරට නැවතවරක් පීපල්ස් ලීසිං සමාගම එක්වීම අප සමාගමේ සියලු ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් හා කාර්ය මණ්ඩලයට කදිම ශුභාරංචියක් වනු නොඅනුමානයි. මන්ද ඔවුන් සැම අත්වැල් බැඳගෙන සිටින්නේ රට වෙනුවෙන් බොහෝ කාර්යයක් ඉටු කරන දැවැන්ත සමාගමක් සමගය යන හැඟීම මෙමඟින් වර්ධනය වෙනවා. එමෙන්ම දිනෙන් දින ඉදිරියට යන සමාගමක් බව මෙම වටිනා සම්මානය මගින් නැවත වරක් තහවුරු කරනු ලැබුවා" යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කළ Brand Finance Awards 2018 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.

මාතෘකා