SLT හා Ceylinco General Insurance එක්ව ගෙන එන 'Tele Health'

 ඡායාරූපය:

SLT හා Ceylinco General Insurance එක්ව ගෙන එන 'Tele Health'

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සහකරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), රක්ෂණයේ දැවැන්තයා Ceylinco General Insurance රක්ෂණ සමාගමේ සහයෝගය ඇතිව ‘Tele Health’ නම් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි.

‘Tele Health’ රක්ෂණය යනු ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් විශේෂයෙන්ම තම පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් රෝහල් ගතකිරීමේ ආධාරක සැලැස්මකි. ‘Tele Health’ රක්ෂණාවරණය මඟින් හදිසි අනතුරකින් ඇතිවන ශාරීරික හානියක්, ඕනෑම ආකාරයේ අසනීපයක් හෝ සැත්කමක් සඳහා ඕනෑම රජයේ රෝහලක, ලියාපදිංචි පෞද්ගලික රෝහලක, සාත්තු නිවාසයක, වෙනත් අනුමත රජයේ හෝ පෞද්ගලික ආයුර්වේද රෝහලක රෝහල් ගතවීමේදී මූල්‍ය ආධාර සපයයි.

මෙම රක්ෂණාවරණය මඟින් මූලික ප්‍රතිලාභ රාශියක් හිමි වේ. පහසු මිල ගණන් යටතේ වූ මෙම රක්ෂණාවරණයේ වාරිකයන් රුපියල් 100 සිට ආරම්භ වන අතර රක්ෂණාවරණය ලබාගැනීමේදී ඉල්ලුම් පත්‍ර පිරවීමට අවශ්‍ය නොවේ. පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා සැම විටම කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් මෙම රක්ෂණාවරණයේ මාසික වාරිකය දුරකථන බිල්පත සමඟ ගෙවීමට අවස්ථාව සලසා දී තිබීමද විශේෂත්වයකි.

මෙම රක්ෂණාවරණ සේවාව ලබාගැනීමේදී පාරිභෝගිකයා කළ යුත්තේ හැකි ඉක්මනින් සෙලින්කෝ රක්ෂණ රෝහල්ගත කිරීම්හි 011 2 399 199 යන පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය අමතා මේ පිළිබඳ දැනුම් දී අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීම පමණි. වයස අවුරුදු 70 පසුවෙන හෝ ඊට අඩු ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් මෙම රක්ෂණාවරණය ලබාගැනීමට සුදුසුකම් සපුරන අතර වයස අවුරුදු 1 සිට 18 දක්වා දරුවන් මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ යැපෙන්නන් වීමට සුදුසුකම් ලබයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට 1212 අංකය අමතා හෝ www.slt.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

මාතෘකා