AIA විශිෂ්ටතම අලෙවි බලකාය AIA Gold Plus තලයට

 ඡායාරූපය:

AIA විශිෂ්ටතම අලෙවි බලකාය AIA Gold Plus තලයට

AIA ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම ජීවිත, සෞඛ්‍ය සහ විශ්‍රාම රක්ෂණ සම්පාදක සමාගමක් වන අතර කාර්ය සාධනයේ ඉහළින්ම සිටින සිය අලෙවි බළකා සාමාජිකයන් අගයමින් ඔවුන්ව AIA Gold Plus තලයට උසස් කරන ලදි. මෙම ඇගයීමත් සමගින් එම මූල්‍ය උපදේශකයන් හට අසමසම වූ ප්‍රතිලාභ හිමිවන අතර ඒ සමගින් ඔවුන්ගේ සේවාලාභීන් හට විශිෂ්ට සේවාවක් ලබා දීමට ඔවුන්ව බලාත්මක කර ඇත. AIA රක්ෂණ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, බෙදාහැරීම් අධ්‍යක්ෂ චමින්ද අධිකාරී සහ සමාගමේ විධායක කමිටු සාමාජිකයන් මෙන්ම AIA Gold Plus තලයට උසස් කරන ලද අලෙවි බළකා සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් නොබෝදා AIA Towerහි දී Gold Plus වැඩසටහන දියත් කරන ලදි.

"අප මෙම වැඩසටහන දියත් කිරීමට හේතු වූයේ අපගේ අග්‍රගණ්‍ය තලයේ සිටින වෙල්ත්ප්ලෑනර්වරුන්ගේ අති විශිෂ්ට ව්‍යාපාර කාර්යසාධනය ඇගයීමටයි. මෙම වැඩසටහන ඔස්සේ Gold Plus තත්ත්වය අත්පත් කරගැනීම සඳහා සියලුම වෙල්ත්ප්ලෑනර්වරුන් ධෛර්යමත් වනු ඇති බවත් ඒ තත්ත්වය කරා යෑම අපේක්ෂා කරනු ඇති බවත් අපගේ විශ්වාසයයි. එමෙන්ම මේ ඔස්සේ ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කරගනිමින් ව්‍යාපාර වර්ධනයත්, සේවාලාභීන් හට විශිෂ්ට තත්ත්වයේ මූල්‍ය උපදේශනය සහ අසමසම සේවාවක් ලබා දීමේ හැකියාවත් ඔවුන්ට උදාවනු ඇති." යැයි Gold Plus වැඩසටහන දියත් කිරීමේ උත්සවයේදී චමින්ද අධිකාරී කියා සිටියේය.

මාතෘකා

ජනප්‍රිය ලිපි