NLB සුපිරි ත්‍යාග ප්‍රදානය සහ මහජන සම්පත 4000 වැනි ජයග්‍රාහී දිනුම් වාරය

 ඡායාරූපය:

NLB සුපිරි ත්‍යාග ප්‍රදානය සහ මහජන සම්පත 4000 වැනි ජයග්‍රාහී දිනුම් වාරය

 

ජාතික ලොතරැයි මණ්ඩලය 2019 ජනවාරි සිට මේ දක්වා ගෙවී ගිය මාස 07ක කෙටි කාලය ඇතුළත සුපිරි ත්‍යාගලාභීන් පමණක් 25 දෙනකු බිහි කර ඇත. ඒ අය අතුරින් තවත් පිරිසකට පසුගියදා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී ඔවුන් දිනාගත් ත්‍යාග සඳහා වූ චෙක්පත් ලබාදීම සිදු විය. ලක්ෂ 20 හා ලක්ෂ 10 දිනන ලද ජයග්‍රාහකයන්ට අමතරව මෝටර් රථයක් හා යතුරුපැදි 02ක් දිනාගත් ජයග්‍රාහකයෝද එදින ඔවුන් දිනාගත් ත්‍යාග සඳහා හිමිකාරිත්වය ලබා ගතහ.

ත්‍යාග ප්‍රදානය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මැතිනිය අතින් සිදු වූ අතර මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍ය තේජ මහතා සමඟින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සහ සහකාර සාමාන්‍යාධිකාරීවරු සහභාගී වූහ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම ලොතරැයිය, වැඩිම ත්‍යාගලාභීන් බිහි කරමින් අපේ රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් ගෙන දුන් ලොතරැයිය මහජන සම්පත සිය අභිමානවත් 4000 වැනි ජයග්‍රාහී දිනුම් වාරය 2019 සැප්තැම්බර් 06 වැනිදාට සමරනු ලබන්නේ අති උත්කර්ශවත් අන්දමටය.

ඒ අනුව ඊට සමගාමීව 2019.08.10 හා 2019.08.24 දිනයන්හි විශේෂ දිනුම් වාර ලෙස මහජන සම්පත 'රන් කිරුළ පෙර ගමන' නමින් දිනුම් වාර දෙකක් පැවැත්වීමට නියමිතය. මහජන සම්පත 'රන් කිරුළ පෙර ගමන' දිනුම් වාර සඳහා විශේෂ ත්‍යාග ලෙස TOYOTA Vigo 1000 CC මෝටර් රථයක් හා රු. 25,000ක ත්‍යාග වවුචර් 10ක් පිරිනැමීමට නියමිතය.

මහජන සම්පත ඔබ සමඟ සබැඳි ගමන්මඟේ සිය අභිමානවත් 4000 වැනි ජයග්‍රාහී දිනුම් වාරයෙන් පෙර නොවු විරු ආකාරයෙන් ත්‍යාග පිරිනැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය සැලසුම් කර ඇත. එම ලොතරැයි තරග වාරයේ ඔබට දිනා ගත හැකි ත්‍යාග පහත පරිදි වේ.

1.TOYOTA Rush සුපිරි මෝටර් රථයක්

2.මිලියනයේ තෑගි 25ක්

3.රන් කාසි 200ට වැඩියෙන්

4.TOYOTA Vigo කාර් එකක්

5.Apple I Phone 8, 64GB දෙකක්

6.Bajaj 3 Wheel රථයක්

7.125 CC යතුරුපැදියක්

8.කාන්තා යතුරුපැදියක්

මහජන සම්පත සුපුරුදු ත්‍යාග රටාවද ඒ අයුරින්ම ගෙන එන ගමන් අනෙකුත් මෙහි සඳහන් තෑගි 4000 වැනි වාරය සඳහාම වෙන් කරන ලද විශේෂ තෑගි වේ.

මාතෘකා