නෙට්සිස් සොලූෂන්ස් සමාගම BWIO රන් සම්මාන දිනයි

 ඡායාරූපය:

නෙට්සිස් සොලූෂන්ස් සමාගම BWIO රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ පද්ධති සංකලනයේ ප්‍රමුඛයෙක් වන සීමාසහිත නෙට්සිස් සොලූෂන්ස් (පෞද්ගලික) සමාගම BWIO ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේදී අභිමානවත් රන් සම්මානයක් දිනා ගත්තේය. බිස්නස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් සංවිධානය වාර්ෂිකව පවත්වන මේ සම්මාන උලෙළ පසුගියදා කොළඹ, ගලධාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙට්සිස් සොලූෂන්ස් ප්‍රධාන විධායක තුසිත අල්විස් මහතා, "නෙට්සිස්හි සියලු දෙනා කණ්ඩායමක් වශයෙන් කළ කැපවීම නිසා නොවන්නට මෙවැනි සම්මානයක් ලැබීම සිහිනයක් පමණයි. මේ අවස්ථාවේදී නෙට්සිස් සමාගමේ සේවයේ නියුතු සියලූ දෙනාට මාගේ කෘතඥතාව පුද කරනවා" යැයි පැවැසීය.

ව්‍යුහගත කේබල් ජාලකරණයෙන් සිය ව්‍යාපාර ගමන ඇරැඹූ නෙට්සිස් සොලූෂන්ස් සමාගම කෙටි කලක් තුළ තරු පන්තියේ හෝ්ටල්, බැංකු, රජයේ ආයතන හා විදුලි සංදේශ ආයතන ඇතුළු දැවැන්ත සමාගම් රැසකට සේවා සපයමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගත්තේය. ව්‍යුහගත කේබල් විසඳුම් සඳහා සහතික ලත් පළපුරුදු විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නෙට්සිස් සමාගම සතුය. නවතම තාක්ෂණික විසඳුම් සැපයීමට උනන්දු වන නෙට්සිස් සොලූෂන්ස් අලුත්ම තාක්ෂණික මෙවලම් සඳහා මෙන්ම කාර්ය මණ්ඩලයේ සුදුසුකම් හා ප්‍රවීණත්වය නැංවීම සඳහාද විශාල වශයෙන් ආයෝජනය කර ඇත.

මාතෘකා