කොන්ටම් ෆිට්නස් නවතම ශාඛාව මීගමුවේ

 ඡායාරූපය:

කොන්ටම් ෆිට්නස් නවතම ශාඛාව මීගමුවේ

ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමේ ශාරීරික යෝග්‍යතා උපකරණ සඳහා පුරෝගාමීව කටයුතු කරන කොන්ටම් ෆිට්නස් තම නවතම ප්‍රදර්ශනාගාරය බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශයක් වන මීගමුව නගරයේ විවෘත කර ඇත. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන නොමාල් විජයරත්න මහතාගේ අනුශාසනාව පරිදි ප්‍රධාන විධායක නිලධාරි චන්දිම උඩබාගේ මහතා සහ අලෙවි සහ ප්‍රචාරණ අංශයේ සහකාර ප්‍රධාන කළමණාකාරවරයා වන තුෂාර කුමාරසිංහ මහාතාගේ මූලිකත්වයෙන් මෙය සිදුකෙරිණි.

සමාරම්භක උත්සවයේදී සිය අදහස් ඉදිරිපත් කළ කොන්ටම් ෆිට්නස්හී සභාපතිවරයා වන නොමාල් විජයරත්න මහතා, මෙම වසර තුළ එළිදැක්වීමට සැලසුම්කර තිබූ මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වන බවත් ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍යමත් ජීවිත වෙනුවෙන් නව පරම්පරාව හැඩ ගැස්විය යුතු බවත් ප්‍රකාශ කළේය.

මාතෘකා