IIHS ආයතනයෙන් අධ්‍යාපනවේදී ජාත්‍යන්තර උපාධියක්

 ඡායාරූපය:

IIHS ආයතනයෙන් අධ්‍යාපනවේදී ජාත්‍යන්තර උපාධියක්

උසස් පෙළ නිමා කළ සිසුන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දැන් IIHS ආයතනයෙන් ලැබේ. මැලේසියාවේ විවෘත විශ්වවිද්‍යාලය සමග එක්ව පවත්වන මේ උපාධි වැඩසටහනෙන් Bachelors in Education (TESL) Bachelors in Teaching හා Bachelors in Early Childhood (Hons.) යන උපාධි ලබා ගත හැකිය. Bachelors in Education TESL ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ඉහළ දැනුමක් සමග අධ්‍යාපනවේදයට අදාළ විෂයයන් ආවරණය කරන උපාධියකි. මෙමගින්

ශ්‍රී ලංකාවේ මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලද රැකියා අවස්ථා විවර කරයි. එසේම සිසුන්ට මැලේසියා විවෘත විශ්වවිද්‍යාලයට අධ්‍යාපනික සංචාරවල නිරත වීමේ අවස්ථාද සැලසේ. මෙය සාධාරණ හා දැරිය හැකි මුදලකට හඳුන්වා දෙන ජාත්‍යන්තර උපාධි පාඨමාලාවකි. Bachelors in Teaching ප්‍රාථමික හා ද්විතීයික (1 වසර සිට උසස් පෙළ දක්වා) අධ්‍යාපනය ඉලක්ක කරයි. එසේම කාර්යක්ෂමව අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට, සැලසුම් කිරීමට හා රාජකාරි ඉටු කිරීමට හැකි අධ්‍යාපන ප්‍රධානින් වීමටද එය සුදුසුය. Bachelors in Early Childhood Education (Hons.) පෙර පාසල්වල රැකියාවේ නියුතු හා එවැනි රැකියා බලාපොරොත්තු වන පිරිස ඉලක්ක කරයි.

මාතෘකා