ඩාර්ලි බට්ලර් සහ සමාගමෙන් ෆ්‍රෙන්ඩ්ස් වැඩිහිටි ඩයපර්

 ඡායාරූපය:

ඩාර්ලි බට්ලර් සහ සමාගමෙන් ෆ්‍රෙන්ඩ්ස් වැඩිහිටි ඩයපර්

පාරිභෝගික භාණ්ඩ හා ඖෂධ සම්බන්ධයෙන් මෙරට කාර්යක්ෂම බෙදා හැරීමේ ජාලය සතු ඩාර්ලි බට්ලර් සහ සමාගම, ඉන්දියාවේ නෝබල් හයිජින් සමාගම සමග එක් වී ඉන්දියාවේ අංක එකේ ෆ්‍රෙන්ඩ්ස් ඇඩල්ට්ස් ඩයපර්ස් පසුගියදා ගලධාරි හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. ෆ්‍රෙන්ඩ්ස් ඩයපර්ස් අමතර සහයක් අවශ්‍ය වැඩිහිටියන්ට සුවපහසුව හා විශ්වාසය ගෙනෙන සැබෑම මිතුරෙකි. ''ෆ්‍රෙන්ඩ්ස් ඇඩල්ට්ස් ඩයපර් බැක්ටීරියා ආසාදනවලින් ආරක්ෂාව සලසන අතර තෙත උරා ගැනීමේ හැකියාවෙන් ඉහළයි. තෙත් දර්ශකය හා පැය 8ක් පුරා කාන්දුවීම් වැළැක්වීම මගින් භාවිත කරන්නාගේ විශ්වාසය හා සුවපහසුව තහවුරු කරනවා'' නෝබල් හයිජින් කළමනාකාර අධ්‍යක්ෂ කමල් කුමාර් ජොහාරි මහතා පැවසීය.

ප්‍රොස්ටේට් ග්‍රන්ථි දුර්වලතා, අර්ශස්, මුත්‍රා ආබාධ හා දියවැඩියාව ඇති රෝගීන්ට වෛද්‍යවරු ඩයපර්ස් නිර්දේශ කරති. අංශභාගය හෝ ආබාධ නිසා ඇඳේ සිටින රෝගීන්ටද ඩයපර්ස් අවශ්‍යය. නෝබල් හයිජින් සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන ෆ්‍රෙන්ඩ්ස් ඩයපර්ස් ඉන්දීය වෙළෙඳපොළෙන් 72.5% කොටසකට හිමිකම් කියයි. ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, කුවේටය සහ කෙන්යාව ඇතුළු රටවල් 15කට වැඩි ගණනකට ෆ්‍රෙන්ඩ්ස් ඩයපර්ස් අපනයනය කරයි.

මාතෘකා