DSI නවතම ශාඛාව පැල්මඬුල්ලට

 ඡායාරූපය:

DSI නවතම ශාඛාව පැල්මඬුල්ලට

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම විසින් සිය නවතම DSI ප්‍රදර්ශනාගාරය පසුගියදා පැල්මඬුල්ල නගරයේදී විවෘත කරන ලදී. පැල්මඬුල්ලේ කෙළින් වීදියේ අංක 116 දරන ස්ථානයේ විවෘත වූ මෙම නව ශාඛාව, පැල්මඬුල්ල නගරය කේන්ද්‍ර කොටගෙන විවෘත වූ දෙවැනි DSI ප්‍රදර්ශනාගාරයද වේ. රත්නපුර දිස්ත්‍රික්කය මධ්‍යයේම පිහිටි නගරය ලෙස කැපී පෙනෙන මෙම නව පැල්මඬුල්ල ශාඛාවත් සමඟ සබරගමුව පළාතේ DSI ආවරණය තවදුරටත් පුළුල්ව ඇත.

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කීර්තිමත් සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහතා සහ අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා මහත්මිය සමඟ ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ ජේෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් පැල්මඬුල්ල නව DSI ප්‍රදර්ශනාගාරය විවෘත වූ අවස්ථාවට එක්ව සිටියහ.

පැල්මඬුල්ලේ මෙම නව ප්‍රදර්ශනාගාරය නවතම DSI පාවහන් විලාසිතා රැසක් සමඟ පැල්මඬුල්ලේ හා රත්නපුර ජනතාවගේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම වඩාත් වර්ණවත් කරනු ඇත. ලොව ප්‍රකට වෙළෙඳ නාමයන් වන Puma සහ Fila මෙන්ම ශ්‍රී ලාංකේය ජනතා විශ්වාසය දිනූ දේශීය වෙළෙඳ නාමයන් වන DSI, Ranpa, Samsons, Supersports, Beat, Beach, Betalz, Fun souls, Tamic, Waves, Jessica සහ AVI වෙළෙඳ නාමයන්ගේ අනර්ඝ පාවහන් පෙළක් පැල්මඬුල්ලේ නව DSI ප්‍රදර්ශනාගාරය පාරිභෝගික ජනතාව වෙත සමීප කරනු ලබයි.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අලෙවි සහ බෙදාහැරීම් ජාලය වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම මෙරට ප්‍රමුඛ පෙළ දැවැන්ත ආයතනයකි. පාවහන් සහ ඇඳුම් පැළඳුම් ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත සමීප කරන ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම දීප ව්‍යාප්ත 200කට අධික ආයතනික ප්‍රදර්ශනාගාර ජාලයකින් 4000ක අලෙවි නියෝජිත ආයතන ජාලයකින් සහ 50කට අධික වෙළෙඳ නියෝජිත ජාලයකින්ද ශක්තිමත්ව ඩී.සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම සිය අනගි නිපැයුම් ශ්‍රී ලාංකික ජනතාව වෙත සමීප කරනු ලබයි.

මාතෘකා