Huawei P30 Pro වෙළෙඳපොලට ikman.lk වෙතින් වට්ටම් සහිතව නිවසටම

 ඡායාරූපය:

Huawei P30 Pro වෙළෙඳපොලට ikman.lk වෙතින් වට්ටම් සහිතව නිවසටම

ලොව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම් සම්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන Huawei, පසුගියදා කොළඹ ෂැන්ශ්‍රි-ලා හෝටලයේ දී පැවැති වර්ණවත් උළෙලක දී Huawei A30 Pro ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය.

ස්මාර්ට් ජංගම දුරකථන ඡායාරූප අත්දැකීම නැවුම් වෙනසකට ලක්කරමින් වෙළඳපලට පිවිසෙන මෙම දුරකථනය ලොව ප්‍රථම Leica Quad කැමරා පද්ධතියෙන් සමන්විත වේ. HUAWEI සමාගමේ ලොව ප්‍රථම Super Spectrum සෙන්සරයෙන් යුතු 40MP කැමරාවකින්ද, 20MP Ultra-Wide angle කැමරාවකින්ද, 8MP Telephoto කැමරාවකින්ද මෙම කැමරා පද්ධතිය සවි බලගන්වා ඇති අතර HUAWEI ToF කැමරාවෙන් සහ 32MP ඉදිරිපස කැමරාවෙන් සෙල්ෆි ඡායාරූප සඳහා උපරිම ගුණාත්මක බවක් හිමිකර දෙයි.

එමෙන්ම මෙරට විශාලතම අන්තර්ජාල වෙළඳපොළ වන ikman.lk, HUAWEI සමඟ අත්වැල් බැඳගනිමින් Huawei A30 කාණ්ඩයේ දුරකථන අන්තර්ජාල වෙළඳපොළටද හඳුන්වා දුන්නේය.

මේ අනුව ikman.lk ගනුදෙනුකරුවන්ට Huawei ස්මාර්ට් ෆෝන් මාදිලි 35කට අධික සංඛ්‍යාවක් සඳහා අන්තර්ජාල මිල දී ගැනීම්වල දී ආකර්ශනීය වට්ටමක් ලබා ගැනීමේ අවස්ථාව ඉදිරි මාස තුන තුළදීම හිමිවේ. ගනුදෙනුකරුවන්ට තව තවත් පහසුව සලසමින් නිවසටම තම දුරකථනය ගෙන්වා ගැනීමේ පහසුකම්ද ikman.lk සලසා දී තිබේ.

මාතෘකා