කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුදු වාසි රැසක්

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුදු වාසි රැසක්

දිවයින පුරා විහිදුණු පාර්ශ්වකාර වෙළෙඳසැල් 2000කට වැඩි ප්‍රමාණයක් තුළින් 50%ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම මඟින් අවුරුදු නිවාඩු කාලය වඩාත් ආකර්ෂණීය කිරීමට කොමර්ෂල් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලබාදී තිබේ. එමෙන්ම ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ සිට හෝටල්වල නවාතැන් ගැනීම දක්වා වූ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී 2000කට වඩා පාර්ශ්වකාර වෙළෙඳසැල් මඟින් 50%ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම ලබාදීමටද කොමර්ෂල් බැංකුව මෙම අවුරුදු සමයේ දී කටයුතු කර තිබේ.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සඳහා රෙදිපිළි, පාවහන්, ආයිත්තම්, ස්වර්ණාභරණ, අත්ඔරලෝසු, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන ඇතුළත් වන අතර මෙම වැඩසටහනට සහභාගී වී සිටින වෙළෙඳ ආයතන තුළින් මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා ප්‍රවර්ධන කාලයේ තෝරාගත් දිනවල දී භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීමේ දී පහසු ගෙවීමේ ක්‍රම හෝ විශේෂ වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට හිමි වේ. එසේම ජුනි 30 දක්වා මෙරට සහ විදේශයන්හි හෝටල්වල නිවාඩු ගත කිරීමේ දී පහසු ගෙවීමේ ක්‍රම සහ විශේෂ වට්ටම් ලබා දීමටද කොමර්ෂල් බැංකුව මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ අවස්ථාව උදාකර තිබේ.

මෙහි දී පුළුල් පරාසයක විහිදී ගිය ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් කණ්ඩායමක් සඳහා ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී විශාල භාණ්ඩ හා සේවාමාලාවක් විවිධ මිල මට්ටම් යටතේ ඉදිරිපත් කර ඇත. වීසා හා මාස්ටර් මෙන්ම යුනියන් පේ කාඩ්පත් විසින් පවත්වනු ලබන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමට කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන් සුදුසුකම් ලබන අතර ඔවුන් කොම්බෑන්ක් මැක්ස් ලෝයල්ටි රිවෝඩ්ස් පොයින්ට් වැඩසටහන යටතේද විශාල ප්‍රතිලාභ ලබයි. කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිටපිටම අට වතාවක් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර 830ක් සහ බැංකු ශාඛා 266ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසරවල දී ප්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේ දී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

මාතෘකා