AIA රක්ෂණ සමාගම කාන්තා නායකත්වය බලගන්වයි

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගම කාන්තා නායකත්වය බලගන්වයි

AIA රක්ෂණ සමාගම විවිධ වෘත්තීයන්හි යෙදී සිටින සිය කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් සියලු දෙනා අගයමින් ඔවුන් වෙනුවෙන් සුවිශේෂී වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙරට ගෞරවාන්විත රාජ්‍ය නිලධාරිනියක් ලෙස කලක් කටයුතු කර ඇති රක්ෂණ කොමිසමේ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ හිටපු සභාපතිනිය වූ ඉන්ද්‍රානී සුගතදාස මහත්මිය සහභාගී වූ අතර ඇය ජීවිතයත් පවුල සහ රැකියාවත් සමබරව මෙන්ම සාර්ථකව කළමනාකරණය කරගෙන යෑම පිළිබඳ අදහස් දැක්වීය.

එමෙන්ම විශේෂ ආරාධිය අමුත්තන් ලෙස සහභාගී වූ MAS සමාගමේ 'Women Go Beyond’හි අධ්‍යක්ෂිකා ශනාස් ප්‍රීනා මහත්මිය ඔවුන්ගේ එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා සම්බන්ධව විවිධ අදහස් බෙදාහදා ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආරතී අරුනාසලම් මහත්මිය 'Employment Lead for Women in Work Programme' වැඩසටහන ඔස්සේ මෙරට ආයතනයන්හි රැකියාවේ යෙදී සිටින කාන්තා නායිකාවන්ගේ සහභාගීත්වයෙන් කාන්තා වෘත්තිකයන් සඳහාම විශේෂිත වූ ව්‍යාපාර විසඳුම් සොයායෑමේ දී ඇය ලද අත්දැකීම් පිළිබඳ සිය අදහස් දක්වා සිටියාය.

මාතෘකා