NAFLIA – 2018 ජාතික සම්මන්ත්‍රණය කොළඹදී

 ඡායාරූපය:

NAFLIA – 2018 ජාතික සම්මන්ත්‍රණය කොළඹදී

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි හා විකුණුම් සංසදය විසින් ජීවිත රක්‍ෂණ උපදේශකයන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ජාතික සම්මන්ත්‍රණය (NAFLIA-2018) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පසුගියදා (3දා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

"ජීවිත රක්‍ෂණ උපදේශකයා - 2020 න් ඔබ්බට" යන්න තේමාව එම සම්මන්ත්‍රණය පැවැති අතර මෙවර එය පවත්වනු ලැබුවේ 9 වැනි වරටය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති මනෝ තිත්තවැල්ල මහතා සහභාගි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ආරාධිත අමුත්තා මෙන්ම අභිප්‍රේරණ කථිකයා වශයෙන් සහභාගී විය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපතිවරයා මෙන්ම HNB Assurance ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ දීප්ති ලොකුආරච්චි මහතාද විශේෂ ආරාධිතයන් වශයෙන් එම අවස්ථාවට සහභාගි වූහ.

මාතෘකා