Uber Tuk සේවය කොළඹට

 ඡායාරූපය:

Uber Tuk සේවය කොළඹට

ලොව විශාලතම ප්‍රවාහන සේවා සමාගමක් වන Uber ආයතනය විසින් පසුගියදා Uber Tuk සේවාව හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව කොළඹ නගරයේ දී සුවිශේෂී වාසි සමගින් ත්‍රී රෝද රථ තුළින් Uber Tuk ගමනාගමන සේවය ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවේ.

කෙටි දුර ගමනාගමන අවශ්‍යතා සඳහා කිලෝ මීටර 5 දක්වා රුපියල් 99කට අඩු හඳුන්වාදීමේ ගාස්තුවක් යටතේ ක්‍රියාත්මක වන මෙම Uber Tuk සේවාව කේවල් කිරීම්වලින් තොරව ක්ෂණයකින් ත්‍රී රෝද රථයක් තමා අසලට ගෙන්වා ගැනීමේ පහසුකම සහිතය.

Uber Tuk විසින් මේ ආකාරයේ සේවාවක් කොළඹ නගරය තුළ දියත් කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම සේවාව යටතේ මගීන්ට සියලූ ආරක්‍ෂිත ගමනාගමන පහසුකම් සමඟ මුදල් සහ ඩෙබිට්, ක්‍රෙඩිට් පත් වැනි විකල්ප භාවිත කිරීමේ අවස්ථාවද සලසා දී තිබේ.

එමෙන්ම ගමනට වැය වන මුදල කලින් දැන ගැනීමේ හැකියාව ඇති හෙයින් කාලය අපතේ නොයවා තම ගමනාන්තය කරා යාමේ හැකියාව ලැබේ. ඕනෑම ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක Uber Tuk යෙදවුම (ඇප්එක) බාගත කිරීමෙන් කොළඹ නගරය තුළ මෙම සේවය ලබාගත හැකිවේ.

මාතෘකා