2018 SLIM NASCO සම්මාන උළෙලේදී සෙලාන් බැංකුවට සම්මාන පහක්

 ඡායාරූපය:

2018 SLIM NASCO සම්මාන උළෙලේදී සෙලාන් බැංකුවට සම්මාන පහක්

පසුගියදා පැවැති SLIM NASCO 2018 සම්මාන උළෙලේ දී සම්මාන 5 කින් පිදුම් ලැබීමට සෙලාන් බැංකුව සමත් විය. එහි විකුණුම් කණ්ඩායමට ඉදිරිපෙළ, විකුණුම් විධායක සහ විකුණුම් සහය කාණ්ඩ යටතේ පිළිවෙළින් රන් සම්මාන දෙකක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් පිරිනැමිණි.

මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “මගේ කණ්ඩායම ගැන මා බෙහෙවින් ආඩම්බර වන අතර නැවත වරක් ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. 2018 SLIM NASCO සම්මාන උළෙලේ දී මේ ආකාරයට සම්මාන 5 කින් පිදුම් ලැබීම අපට මහත් ගෞරවයක්. මේ සම්මාන අපගේ කණ්ඩායමේ උනන්දුව හා කැපවීමට හොඳ සාක්ෂියක් ලෙස සැලකීමට පුළුවන්. මේ කණ්ඩායම ස්ථාපිත කෙරුණේ මාස 18 ක් තරම් කෙටි කාලයකට පෙරයි. මේ කෙටි කාලය තුළ මේ ආකාරයට ජාතික මට්ටමේ සම්මානවලින් පිදුම් ලැබීමට ඔවුන් සමත් වී තිබෙනවා.”

මාතෘකා