AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක්

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක්

AIA රක්ෂණ සමාගම මෑතකදී එළිදැක්වූ නව ව්‍යාපාර ප්‍රතිඥාව වන "සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සුවපත් සැපවත් දිගුකල් දිවියක් උදෙසා" යන සංකල්පය ක්‍රියාවට නංවමින් පසුගියදා නුවරඑළියේදී සෞඛ්‍ය කඳවුරක් පවත්වනු ලැබීය. රජයේ පාසලක පවත්වන ලද එම සෞඛ්‍ය කඳවුර තුළින් ප්‍රදේශයේ සියලුම පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු සාමාන්‍ය ජනතාවට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවූ අතර, වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් සායනයක්ද පැවැත්විණ. ඊට අමතරව එම සෞඛ්‍ය කඳවුර පැවැත්වූ පාසලේ ගොඩනැගිලි දෙකක් පිරිසිදු කිරීම සඳහා AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 50කට අධික පිරිසක්ද සහභාගි වූහ.

මාතෘකා