oDoc වෙතින් නොමිලේ අසීමිත වෛද්‍ය උපදෙස් සේවා

 ඡායාරූපය:

oDoc වෙතින් නොමිලේ අසීමිත වෛද්‍ය උපදෙස් සේවා

මෙරට ජනතාවට දැන් වෛද්‍යවරුන් හමුවීම සඳහා කාලය සහ මුදල් විශාල වශයෙන් කැපකරමින්, විසබීජවලින් පිරීගිය කාමර වල, දිගු පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නැත. oDoc හි ලියාපදිංචි වීම මගින් ඔවුන්ට මසකට රු. 499 ක් වැනි සුළු මුදලකට තමන් කැමති ස්ථානයක සිට, මුළු පවුලටම අසීමිත ලෙස වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

oDoc යනු මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල වෛද්‍ය උපදෙස් සේවාවයි. වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය හිමි ප්‍රවීණ වෛද්‍යවරුන් 270 කට අධික පිරිසක් මෙම සේවාව ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාදීමට එක්වී සිටිති. එම නිසා රෝගීන්ට ඕනෑම තැනක සිට වෛද්‍ය උපදෙස් ලබාගත හැකිවන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ස්මාර්ට්ෆෝන් එකක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් පමණි. දැනටමත් දිවයින පුරා 14, 000කට අධික පිරිසක් මෙම සේවාව සඳහා ලියාපදිංචි වී සිටිති. 2017 වසරේ දී හඳුන්වා දෙන ලද මෙම සේවාව සහ එහි ප්‍රයෝජන පිළිබඳ පුවත් ජනතාව අතර ඉක්මනින් පැතිරී යෑම නිසා එය විශාල වශයෙන් ජනප්‍රිය විය. මෙමඟින් ජනතාවට ඕනෑම තැනක සිට තම ගැටලු වෛද්‍යවරුන්ට දන්වා, අවශ්‍ය නම් ඖෂධ නියම කරවාගත හැකි අතර එම ඖෂධ කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව නිවසටම එවනු ලැබේ. වෛද්‍යවරුන් හමුවීමට යාමේ අවස්ථා අතරින් 75% කට ආසන ප්‍රතිශතයක් සැබවින්ම දුරස්ථ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍යක් මගින් සිදුකළ හැකි බව ඇමරිකානු වෛද්‍ය සංගමය පවසයි. මෙම සංකල්පය පදනම් කරගත් අන්තර්ජාල වෛද්‍ය උපදෙස් සේවා ක්‍රමය මේ වනවිට ලොව පුරාම ජනප්‍රිය වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ ජපානය වැනි රටවල් රැසක් එය භාවිත කරයි.

oDoc භාවිත කරන පාරිභෝගිකයන්ට කායික වෛද්‍යවරුන්, ළමා වෛද්‍යවරුන්, චර්ම වෛද්‍යවරුන්, කාන්තා රෝග වෛද්‍යවරුන්, පෝෂණ වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන්, හෘද රෝග වෛද්‍යවරුන්, දියවැඩියා කළමනාකරණ වෛද්‍යවරුන් සහ තවත් ක්ෂේත්‍ර 45කට අයත් වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාගත හැකි වේ. භාෂා තුනේම සේවාව ලබාදෙන නිසා මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට භාවිත කළ හැක. මෙම සේවාව හා සම්බන්ධ වී සිටින වෛද්‍යවරු, වෛද්‍ය උපදෙස් ලබාදීම සහ ඖෂධ නියම කිරීම සඳහා විශේෂ තාක්ෂණික යෙදුමක් භාවිත කරති.


සෙලාන් ටිකිරි මාසයේදී පොඩ්ඩන්ට ඩිජිටල් Fitness watch

ළමා ස්ථුලතාව සම්බන්ධයෙන් අප වටහාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ එය හුදෙක් දරුවාගේ පෙනුම සම්බන්ධ ගැටලුවක් හෝ දරුවා වැඩිවිය පැමිණෙන විට ඉබේම නැතීවී යන දෙයක් නොවන බවයි. ස්ථුල දරුවන් වයසින් වැඞීමේදීද එම ස්ථූලභාවය එලෙසම පැවතීමට වැඩි ඉඩක් පවතින අතර ඒ නිසාම ඔවුන්ට සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානම ඇත. මේ වනවිට බොහෝ දරුවන්ට තම සෞඛ්‍ය ගැටලු සඳහා වැඩිහිටියන් භාවිත කරන ඖෂධ වර්ගම භාවිත කිරීමට සිදුව ඇත.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා දායක වීමක් වශයෙන් සෙලාන් බැංකුව ‘සෙලාන් ටිකිරි මාසය’ තුළ දී ළමා සෞඛ්‍යය නැංවීමේ වැදගත්කම අවධාරණය කිරීමට පියවර ගෙන තිබේ. ස්ථුලතාව නිසා ඇතිවන ගැටලු සහ නිරෝගීව සිටීමේ වැදගත්කම සම්බන්ධයෙන් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම මෙහි අරමුණ වී ඇත. සෙලාන් බැංකුව ලෝක ළමා දිනය මුල් කර ගනිමින් ලෝක ළමා මාසය සමරන පස්වන වසර මෙයයි. ඊට සමගාමීව දරුවන් ක්‍රියාශීලී ජීවන රටාවක් වෙත ආකර්ෂණය කරවීම සඳහා, රු.2, 500/- කට වැඩි තැන්පතු සහිත සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට අලංකාර ඩිජිටල් Fitness අත් ඔරලෝසුවක් පිරිනැමෙනු ඇත. එසේම ළමයින් සඳහාම නිර්මාණය වූ ටිකිරි පොළ, ළමා බැංකු දින, චිත්‍ර තරග, ටිකිරි සැණකෙළි, මැජික් සංදර්ශන සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් ඔක්තෝබර් මාසය තුළ, දිවයින පුරා පිහිටි සෙලාන් බැංකු ශාඛාවල මූලිකත්වයෙන් සංවිධානය කෙරේ.


ඩ්‍රීම්රෝන් වෙළෙඳපල වියට්නාමයට ව්‍යාප්ත කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම ‍කේශාලාවණ්‍ය හා ඉහළ තලයේ රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක් වන ඩ්‍රීම්රෝන් වියට්නාමය සමඟ ගිවිසුම් අත්සන් කරමින් සිය ව්‍යාපාරය ගිනිකොණදිග ආසියාව දක්වා ව්‍යාප්ත කරනු ලැබීය.

වියට්නාම වෙළෙඳ පොලේ අතිවිශාල සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Lotte Mart සහ Bach How Xanh ආයතන ඩ්‍රීම්රෝන් නිෂ්පාදන අලෙවිය සඳහා එකඟ වී ඇත. Lotte Mart ආයතනය විශාල සුපිරි වෙළෙඳසැල් 15කට හිමිකම් කියන අතර Bach How Xanh ආයතනය සතුව මධ්‍ය පරිමාණයේ සුපිරි වෙළෙඳසැල් 460ක් සතුය.ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය නිශ්පාදන ලෝකයට හඳුන්වා දීමේ අරමුණින් වසර 2020 දැක්ම යටතේ නව අපනයන වෙළෙඳපොළක් ව්‍යාප්ත කිරීම ඩ්‍රීම්රෝන් ආයතනයේ ඉලක්කය වී තිබේ.

මාතෘකා