කොමර්ෂල් බැංකුව පැලවත්ත ශාඛාව පුළුල් කරයි

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකුව පැලවත්ත ශාඛාව පුළුල් කරයි

කොමර්ෂල් බැංකුව විසින් පැලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසැල් බැංකු ඒකකය ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ වර්ධනය වන ඉල්ලුම හමුවේ සියලු බැංකු සේවාවන් සපයන පූර්ණ බැංකු ශාඛාවක් බවට පරිවර්තනය කරමින් වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට බැංකුව කටයුතු කර තිබේ.

මෙම නව බැංකු ශාඛාව අංක 730/ඒ, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටා තිබෙන අතර සතියේ දිනවල උදෑසන 10.00 සිට සවස 5.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 9.00 සිට සවස 1.30 දක්වාත් විවෘතව තබන බව බැංකුව සඳහන් කරයි.

මෙම නව බැංකු ශාඛාවේ ස්වයංක්‍රිය බැංකුකරණ මධ්‍යස්ථානයක් පිහිටා තිබෙන අතර මේ තුළින් ගනුදෙනුකරුවන්ට දිනයේ පැය විසිහතර පුරාම බැංකු ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදී තිබේ. මෙහි චෙක්පත් තැන්පතු යන්ත්‍රයක්, අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනු සිදුකිරීමේ යන්ත්‍රයක්, ඕනෑම මොහොතක මුදල් ආපසු ගැනීමේ පහසුකම් සහිතව ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයක් සහ මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කර තිබේ.


OPPO ජංගම දුරකථන Premium කාණ්ඩයේ පෙරමුණට

oppo ස්මාර්ට්ෆෝන්, 'Lower Premium' කාණ්ඩයේ ප්‍රමුඛතම දුරකථන ලෙස නම් කිරීමට Counter point පර්යේෂණ ආයතනය පසුගියදා කටයුතු කළේ ය. වෙළෙඳපොළේ අධික තරගකාරිත්වය මැද පවා ක්‍රමක්‍රමයෙන් ඉදිරියටම පැමිණීමට OPPO සමත් වී ඇති බවට මෙය මනා සාක්ෂියකි. දැනට OPPO සමස්ත අලෙවිය අතරින් 95%ක්ම සිදුවනුයේ එහි මවු රට වන චීනයේදී වන අතර, ඉදිරියේදී ලොව පුරාම තරුණ පරපුර අතර පැතිරෙමින් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අවස්ථාව OPPO සතු බව මින් පෙනී යයි.

2018 වසරේ දෙවැනි කාර්තුව තුළ ඉහළ තලයේ ස්මාර්ට්ෆෝන් දුරකථන වෙළෙඳපොළ 7%කින් වර්ධනය වී ඇති බවත්, එම දුරකථන අපනයන කිරීම විශාල වශයෙන් වැඩි වී ඇති බවත් Counterpoint වාර්තාව පෙන්වා දෙයි. ඩොලර් 400 - 600 මිල පරාසයේ ස්මාර්ට්ෆෝන් අපනයන වෙෙළඳපොළ 10%ක ප්‍රතිශතයකට හිමිකම් කීමට සමත් වී ඇත.

මාතෘකා