Slim Brand Excellence 2018 සමග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත නව ජවයක්

 ඡායාරූපය:

Slim Brand Excellence 2018 සමග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත නව ජවයක්

Slim Brand Excellence 2018 සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව නිවේදනය කිරීමත් සමග එදා මෙදාතුර වාර්තාගත වූ වැඩිම අයදුම්පත් ප්‍රමාණය මෙම වසරේද ලැබී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පවසයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ පළමු වරට හොඳම වෙළෙඳ සන්නාම සහ හොඳම භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාර සඳහා සම්මාන පිරිනැමීමේ වැඩසටහන ලෙස මෙය ආරම්භ කර ඇත්තේ මීට 16 වසරකට පෙරය.

පසුගිය මාස කීපය ඇතුළත Slim Brand Excellence සම්මාන ප්‍රදානෝත්සවය දිනෙන් දින වෙනස්වන තරඟකාරී, ව්‍යාපාරික ලොවට වඩාත් ගැළපෙන ආකාරයෙන් වැඩිදියුණු කිරීම උදෙසා අලෙවිකරණ ක්ෂේත්‍ර විශේෂඥයන් කණ්ඩායමක් එක්ව කටයුතු කළ අතර ‘හොඳම ජාත්‍යන්තර වෙළෙඳ නාමය’ යන නව ක්ෂේත්‍රය මෙවර සම්මාන උලෙළට අළුතින් ඇතුළත් කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව තොරතුරු විස්තර පත්‍රිකා හා ඇතුළත්වීමේ අයදුම්පත්‍ර පළමු වරට සරල සිංහල මාධ්‍යයෙන්ද ඉදිරිපත් කර ඇත.

මාතෘකා