සියපත ෆිනෑන්ස් - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකතුවෙන් සුවිශේෂ ලීසිං ප්‍රතිලාභ සමූහයක්

 ඡායාරූපය:

සියපත ෆිනෑන්ස් - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකතුවෙන් සුවිශේෂ ලීසිං ප්‍රතිලාභ සමූහයක්

මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් සහ මෝටර් රථ වෙළෙඳ ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට අත්වැල් බැඳගැනීමේ නිල උත්සවය පසුගිය දා පැවැත්විණ. ඒ සියපත ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ සමන් හේරත් හා ඉන්ද්‍රා ට්‍රේඩර්ස්හි අධ්‍යක්ෂ හසින්ද්‍ර කුමාර සිල්වා ඇතුළු ආයතන දෙකෙහිම ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්ය.

මෙම ආයතන දෙකෙහි එකතුවීම වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට අතිවිශාල ප්‍රතිලාභ රැසක් හිමිකරගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව සුවිශේෂ ලීසිං පහසුකම් සමග ගනුදෙනුකරුවන්ට තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි වසර 7ක් දක්වා වාරික ගෙවීම් සැලැස්මක් ගොඩනගා ගැනීමේ හැකියාව, රථ වාහන නොමිලේ ලියාපදිංචිය, නොමිලේ සිදුකෙරෙන රථයේ පළමු සේවා නඩත්තුව, අඩුම ලියකියවිලි, අඩුම පොලී අනුපාතය සහ පැයක් ඇතුළත ලීසිං පහසුකම් අනුමත කරගැනීමට ඇති හැකියාව වැනි විශේෂ ප්‍රතිලාභ රාශියක් අත්විඳීමේ අවස්ථාව උදාවේ. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හා එක්වන ගනුදෙනුකාර භවතුන්ට මේ ආකාර විශේෂ ප්‍රතිලාභ සපයන එකම මූල්‍ය ආයතනය සියපත ෆිනෑන්ස් ආයතනයයි.

මාතෘකා