UberHIRE සමඟ දැන් කොළඹ සිරි අසිරි විඳින්න

 ඡායාරූපය:

UberHIRE සමඟ දැන් කොළඹ සිරි අසිරි විඳින්න

සුවපහසු සවාරියකට පහසුකම් සැමට

දිගු ගමනාන්තයක නිදහස දැන් ඔබේ අතැඟිලි තුඩු අගින් එසැණින්

ලොව විශාලතම අන්තර්ජාලගත ගමනාගමන සේවා ආයතනය වන Uber ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සිය UberHIRE සේවාව මඟින් ආවරණය කළ බවට පසුගියදා නිවේදනය කෙරිණ.

මෙමඟින් දැන් ඔබට ඔබේ සිතැඟි පරිදි නැවතුම් ස්ථාන සැලසුම් කරගනිමින් කෙටි හා දුර ගමන් සංචාරයන් ඔබේ අතේ ඇති මුදල අනුව සැලසුම් කරගනිමින් වඩා සාර්ථකව ඉටුකරවා ගත හැකිය.

දේශීය ආර්ථික හා සමාජ රටාවට ගැළැපෙන පරිදි සකස් වූ UberHIRE මගී අවශ්‍යතා හඳුනාගනිමින් ඒවා නිසි කලට වේලාවට හෘදයංගම ලෙස ඉටුකරදීමේ සමත්ය. දිවා රාත්‍රී ක්‍රියාත්මක සේවාවෙන් ඔබේ එදිනෙදා වැඩකටයුතු සඳහා ගමන් බිමන් පහසුව, ව්‍යාපාරික ගමනාන්ත, විනෝද සංචාර ආදිය වඩාත් පහසු කෙරෙනු ඇත.

මාතෘකා