'ස්කෑන් ප්‍රඩක්ට්ස්' විකිණුම් බලකායට සම්මාන, ජවය සහ අනාගත දැක්ම පුදයි

 ඡායාරූපය:

'ස්කෑන් ප්‍රඩක්ට්ස්' විකිණුම් බලකායට සම්මාන, ජවය සහ අනාගත දැක්ම පුදයි

C.W.Mackie පී.එල්.සී. සමාගමේ 'පාරිභෝගික භාණ්ඩ' නිෂ්පාදන සහ අලෙවිකරණ ආයතනය වන 'ස්කෑන් ප්‍රඩක්ට්ස්' සමාගම විසින් සිය 2018 වාර්ෂික වෙළෙඳ සමුළුව ඉකුත්දා මාරවිල 'ක්ලබ් ෆාම් බේ' හෝටලයේ දී අතිසාර්ථක අයුරින් පවත්වන ලදී. පුහුණුවීමේ අවස්ථාවන් සම්පාදනය කරදීමත් ජයග්‍රාහකයන් ඇගයීම සහ සම්මානයට ලක්කිරීමත් සමඟ මීළඟ මුල්‍ය වර්ෂයේ අරමුණු පෙන්වාදීම යන කරුණු තුන පෙරටු කරගනිමින් මෙම නේවාසික වෙළෙඳ සමුළුව සංවිධානය විය.

මෙම සමස්ත ඉසව්වේ වඩාත් උද්වේගතර සහ වර්ණවත් අංගය බවට පත්වූයේ ස්කෑන් ක්‍ෂේත්‍ර විකිණුම් බලකායේ විකිණුම් වෘත්තිකයන් ඔවුන්ගේ කැපීපෙනෙන දක්‍ෂතා වෙනුවෙන් තරු සම්මානවලට පාත්‍ර වූ සම්මාන උළෙලයි. ඉකුත් මුල්‍ය වර්ෂය තුළ, තමන් වෙත පැවරුණු වෙළෙඳ ඉලක්කයන්හි සීමා අතික්‍රමණය කරමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍ෂේත්‍ර විකිණුම් බළකා සාමාජිකයෝ මෙම සන්ද්‍යාවේ දී සම්මානයට පාත්‍රවෙමින් එළැඹෙන වසරවල දී එම සම්මාන හිමිකරගැනීම උදෙසා අනෙක් අයවද උනන්දු කරවන ලදී. මෙහි දී රොෂාන් රන්ගම මහතා විසින් රන් සම්මානය දිනා ගනු ලැබූ අතර රිදී සම්මානය ගිහාන් අධිකාරි මහතාට හිමිවද්දී ලෝකඩ සම්මානයෙන් ක්‍රිශාන් නලින්ද මහතා පිදුම් ලැබීය.

මාතෘකා