OPPO F9 Starry Purple දැන් වෙළඳපොළේ

 ඡායාරූපය:

OPPO F9 Starry Purple දැන් වෙළඳපොළේ

OPPO F9 Starry Purple දුරකථනය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම පසුගියදා කටයුතු කළේ ය. මීට පෙර Sunrise Red සහ Twilight Blue වර්ණ සහිත F9 දුරකථන OPPO මගින් මෙරටට හඳුන්වා දී තිබිණි. විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් ලබාදෙන VOOC තාක්ෂණය සහ ලොව ප්‍රථම වරට හඳුන්වා දෙන Gradient Color නිමාවද මීට ඇතුළත් වී තිබේ. රු. 54, 990 කට මිලදීගත හැකි OPPO F9 Starry Purple දුරකථනය දැන් දිවයින පුරා අබාන්ස්, සිංහගිරි, ඩයලොග් ප්‍රදර්ශනාගාර සහ OPPO බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් මිලදීගත හැක. නව දුරකථනය තවතවත් පාරිභෝගිකයන් අතරට ගෙනයාම සඳහා 'OPPO Road Show' වැඩසටහනක් සංවිධානය කිරීමටද OPPO Sri Lanka සමාගම මේ වන විට කටයුතු යොදා තිබේ.

සුපුරුදු ලෙසම විශිෂ්ට මට්ටමේ සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාවට අමතරව, හඳුන්වා දෙන ‘Waterdrop Screen’ නිමාව, 90.8% screen to body ratio අගය, සුවිශේෂී Gradient Color Design සහ 3500 mAh බැටරිය වැනි විශේෂාංග රැසක් සමගින් එන OPPO F9 Starry Purple, ඉහළම තලයේ දුරකථනයක විශේෂාංග හා පෙනුම එක්තැන් කරන අපූර්ව නිර්මාණයකි.

මාතෘකා