රැකියාවට සුදුසුම ස්ථානයක් ලෙස අබිසෙස් ගැන් වූ 'Fashion Bug'

 ඡායාරූපය:

රැකියාවට සුදුසුම ස්ථානයක් ලෙස අබිසෙස් ගැන් වූ 'Fashion Bug'

මෙරට පුමුඛතම විලාසිතා සන්නාමයක් වන Fashion Bug, ශ්‍රී ලංකාවේ රැකියාවට සුදුසුම ස්ථාන පිළිබඳ ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. මෙවන් විශිෂ්ට ඇගයුමකට ලක්වීම පිළිබඳ අදහස් දක්වමින්, අතිශයින් තරගකාරී විලාසිතා ක්‍ෂේත්‍රයේ මෙරට ඉදිරියෙන්ම සිටින විලාසිතාගාර සන්නමයක් බවට පත්වීමේ ගමනේ සිය අත්දැකීම් බෙදාහදාගැනීමට අප සමඟ එක්වූයේ Fashion Bug හි ප්‍රධාන විධායක නිලධාරිවරුන් වන ෂබීර් සූබියන් සහ අඛිල් සූබියන් යන මහත්වරුන්ය.

 රැකියාව සඳහා සුදුසුම ස්ථාන අතරින් එකක් බවට පත් වීම ඔබට දැනෙන්නේ කොහොමද?

සේවකයා කේන්ද්‍රකරගත්, වැඩීමට අවශ්‍ය සාධක සහිත රැකියා වටපිටාවක් යනු Fashion Bug හි ජාන තුළ උපන් දෙයක්. එබැවින් මෙම ලැයිස්තුව තුළ ස්ථානයක් වෙන්වීම යනු අපි නිසි මාර්ගයේ ගමන් කරන බව යළිත් සනාථ වීමක්. එමගින් අපගේ සියලූම සේවකයන්ට හැඟෙන දැනෙන පරිදි අප විසින් අපගේ උපායමාර්ගික ප්‍රතිපත්තීන් සකසා ඇති බවත් තහවුරු වෙනවා.

මෙය Fashion Bug හී මුල්පෙළ සේවකයාගේ සිට ඉහළ කළමනාකරණය දක්වා අත්කරගත් සුවිසල් ජයග්‍රහණයක්. එසේම මෙය, තමන්, මෙරට රැකියාව සඳහා අගනාම සේවායතනයක් ලෙසින් ජාතික මට්ටමින් පිළිගැනීමට ලක්වූ, ආයතනයක සාඩම්බර කණ්ඩායම් සාමාජිකයෙක් බවට සියල්ලන්ගේ ආත්ම ශක්තිය වර්ධනය වීමක්. එය ඔවුන්ගේ වෘත්තීය ගමන්මගට කීර්තියක්.

එසේම අප විසින් ප්‍රමුඛත්වය දිය යුතු අංශ මොනවාද යන්න මෙන්ම රැකියාවට සුදුසු ස්ථානයක් ලෙසින් තවත් පෙරට යෑම සඳහා ගතයුතු පියවර මොනවාද යන්නත්, මෙම සංගණනය මගින් අපේ අවධානය යොමුකරනු ලැබුවා.

 Fashion Bug යනු රැකියාව සඳහා සුදුසුම ස්ථානයක් බවට පත්කළේ කෙලෙසද?

Fashion Bug තුළ දී එය රැකියාවට සුදුසුම ස්ථානයක් බවට පත්කළ යුත්තේ කෙසේද යන්න ගැන අපට පූර්ව නිර්වචනයක් තිබුණා. අපගේ සේවකයන් බඳවාගැනීම ඇරඹුමේ පටන්ම, සාර්ථක කණ්ඩායමක ප්‍රධාන ලක්‍ෂණ දෙකක් වන, කණ්ඩායම් සාමාජිකයන්ගේ පෙරදැක්මක් සහිත ආකල්ප සහ කැපකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා.

රැකියා ස්ථානය යනු කෙනෙක් සාමාන්‍ය දින අතුරින් වැඩියෙන්ම රැඳෙන ස්ථානය බව අවබෝධකර ගනිමින්. අපි එය තුළ විවිධත්වයෙන් සපිරුණු සංස්කෘතියක් නිර්මානය කිරීම සහ විවිධත්වය පිළිගන්නා ක්‍රමවේදයක් සකසා තිබෙනවා. එසේම අපි සේවකයන් සඳහා සමාන අවස්ථා පිරිනමනවා. විවිධත්වය යන්න වත්කමක් කර ගනිමින් අපි අපේ ආයතනය තුළ ස්ත්‍රී-පුරුෂ වශයෙන් සමබර මෙන්ම ජනවාර්ගික සහ සංස්කෘතිකමය විවිධත්වයට මනා වටිනාකමක් ලබාදෙනවා.

එයට අමතරව Fashion Bug කණ්ඩායම තුළ, සෑම අයෙකුටම ව්‍යාපාරයේ සෑම අංශයක් සඳහාම දායකත්වය ලබාදීමට සහ සිය වෘත්තීය දිවියේ වර්ධනයක් වෙත යෑම සඳහා දිරිගැන්වෙනවා. අපගේ සේවකයන් බලගැන්වීමත් ඉතාම වැදගත්. මන්ද සේවකයකුගේ වර්ධනය යනු ඔහු සේවය සපයන සංවිධානයේ වර්ධනය නිසා.

මෙහි සංස්කෘතියේ තවත් වැදගත් අංශයක් වනුයේ අපගේ පාලනය කිරීමේ මුලධර්ම වන එකමුතුව සහ අර්ථවත් ක්‍රියාත්මකභාවයයි. සෑම මට්ටමකින්ම විශ්වාසය ගොඩනැ‍ඟීම පිණිස විවෘත සහ විනිවිදභාවයෙන් යුත් සන්නිවේදන ජාලයක් අපගේ විවෘත ප්‍රතිපත්තීන් තුළ වෙනවා. පවුලේ ව්‍යාපාරයක් ලෙසින් අපි සමස්ත ව්‍යාපාරය තුළ පවුලක හැඟීම විසුරුවාහරිනවා. එමනිසා Fashion Bug සේවක මණ්ඩලයේ හැම කෙනෙක්ම විනෝදය සපිරි සේවා පරිසරයක, තමන්ගේ නිවසේ වෙසෙන හැඟීමෙන් යුතුව කාර්යයේ යෙදෙනවා.

රැකියා දිවියේ සමබරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි මනා අවබෝධයකින් මෙන්ම නම්‍යශීලීබවකින් යුක්තව කටයුතු කරනවා. අපගේ සාමාජිකයන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමගින්ද සමාන කාලයක් ගතකිරීමට හැකිවනසේ කාර්යක්‍ෂමතාව සහ කාල කළමනාකරණය සඳහා උනන්දු කර තිබෙනවා. නම්‍යශීලී රාජකාරි කාලයන් මෙන්ම අවශ්‍යතා අනුව නිවසේ සිටම සේවයේ යෙදීම ආදියට පවා අපි අවස්ථාව සලසාදෙනවා.

 පවුලේ ව්‍යාපාරයක් ලෙසින්, ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රමෝපායන් සඳහා කළමනාකාරිත්වයේ දායකත්වය වෙනුවෙන් ලැබෙන අවස්ථා මොනවාද?

පවුලේ ව්‍යාපාරයක් යන කරුණ සම්බාධකයක් නොවෙයි. සෑම දායකත්වයක්ම ඵලදායී අයුරින් මෙහෙයවන්නට එය උපකාරයක් වෙනවා. අධ්‍යක්‍ෂමණ්ඩල මට්ටමේ තීරණ සඳහා අංශ ප්‍රධානීන් සක්‍රිය දායකත්වයක් සපයනවා වගේම ප්‍රතිපත්ති මට්ටමේ තීරණවල දී ඔවුන් විසින් ඔවුන්ගේ කණ්ඩායම් නියෝජනය කරනු ලබනවා. අපගේ මෙහෙයුම් කටයුතුවල දී මුල් පෙළ අත්දැකීම් සහිත උදවිය ලෙසින් ඔවුන්ගේ අත්දැකීම් සහ යෝජනා සඳහා ඉහළම සැලකිල්ලක් යොමු වෙනවා. අපගේ කළමනාකාරිත්වය සෑම මෙහෙයුම් ස්ථානයකටම නිතිපතා ගොස් සේවකයන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් පිළිබඳ සොයාබලනවා. අපගේ විනිවිදභාවයෙන් යුත් සහ සෘජු බැඳියාව, සෑම මට්ටමකම සේවකයන් සමගම ප්‍රියමනාප ඵලදායී සබඳතාවක් සඳහා අපට උපකාර වෙනවා.

 එම සේවකයන්ට ඔවුන් වෙත පැවරී ඇති රාජකාරියට අමතරව ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය සැපයීමට ඇති අවස්ථා මොනවාද?

Fashion Bug තුළ සෑම අදහසකටම සැලකිල්ලක් සහ ඇගයීමක් හිමිවෙනවා. අපේ සෑම මෙහෙයුම් ස්ථානයකම ඔවුන්ගේ අදහස් හා යෝජනා යොමුකළ හැකි ක්‍රමවේදයක් සකසා තිබෙනවා. ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය විසින් මසකට වරක් ඒ සියල්ල පිරික්සා බලනවා. අද අපි මෙහෙයවෙන ආකාරය දක්වා අදාළ වෙනස්වීම වෙනුවෙන් එසේ ලැබුණු සමහරක් අදහස් මහත්සේ උපකාරී වී තිබෙනවා.

එසේම අපි අපගේ සේවකයන් සහ කළමනාකාරිත්වය අතර විවෘත අදහස් හුවමාරුකිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. තීරණ ගැනීම මූලික වශයෙන් සිදුවන්නේ කළමනාකාරිත්වයෙන් වුුවත්, අප කටයුතු කරන ආකාරයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් එම තීරණයන්ට අවශ්‍ය අවස්ථාවේ දී අභියෝග කිරීමට අපි අපේ කනිෂ්ඨ කණ්ඩායම උනන්දුකරවනවා. මෙමගින් මෙන්ම විවෘත සහ විනිවිදභාවයෙන් යුත් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් මගින් අපට අපේ තීරණ ගැනීම වඩාත් සුනම්‍ය කිරීමට මෙන්ම, වටිනා දායකත්වයක් සහිත සේවකයන් හඳුනාගැනීමටත්, කණ්ඩායම වෙනුවෙන් ස්ථිර තීරණ ගැනීමටත් වැදගත් වෙනවා.

 ඔබ ආයතනය මෙම පිළිගැනීමට ලක්කළ අදාළ GPTW සමීක්‍ෂණයට සහභාගීවීමේ අත්දැකීම පිළිබඳ විස්තර කළොත්....

එය අපූරු පිළිගැනීමක් සහිත අත්දැකීමක් මෙන්ම එය ඉතා තීක්‍ෂණභාවයක් සහිත වූ දෙයක්. එය අප පිළිබඳ කළ සමාලෝචනයක් වගෙයි. අප විසින් ගනු ලැබූ නිවැරදි තීරණ මොනවාද යන්න පිළිබඳ ආපසු හැරීබැලීමට මෙන්ම අපි විසින් වර්ධනය කරගත යුතු අංශ මොනවාද යන්න හඳුනාගැනීමටත් එයින් අපට අවස්ථාව සැලසුවා. එය තවත් සමීක්‍ෂණයක් සහ පිළිගැනීමට ලක්වීමකට පමණක් සීමා වන දෙයක් නෙමෙයි. එය අපගේ දැක්ම අඛණ්ඩව යළි යළිත් ගොඩනගාගැනීමට මෙන්ම අපගේ ප්‍රතිපත්තීන් ඵලදායී ප්‍රායෝගීක යෙදීම් උදෙසා රැගෙන යෑමටත් හේතුවෙනවා.

මාතෘකා