HDFC බැංකුව සණස රක්ෂණ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්

 ඡායාරූපය:

HDFC බැංකුව සණස රක්ෂණ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්

HDFC බැංකුව සහ සීමාසහිත සණස රක්ෂණ සමාගම පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹි අතර, ඒ තුළින් HDFC බැංකුවෙන්ණය ලබාගන්නා පාරිභෝගිකයන්ට සණස රක්ෂණ සමාගමෙන් ජීවිත සහ පුර්ණ අකර්මන්‍යතා රක්ෂණ රැකවරණයක් හිමිවේ.

HDFC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි පාලිත ගමගේමහතා ප්‍රකාශ කළේ ඒ තුළින් සිය ගනුදෙනුකරුවන් හට ලබාදෙන සහනය මෙන්ම බැංකුවට සහ ගනුදෙනුකරුවන්ට ඇති අවදානම අවමවීම සුවිශේෂ වාසියක් බවයි.

වසර 34 කට වැඩිකලක් මෙරට නිවාස මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන නිවාස බැංකුවක් වන HDFC බැංකුව දිවයින පුරා පිහිටි ශාඛා 39ක් තුළින් නිවාස ණයට අමතරව රන් ණය සහ වාහන ලිසිං පහසුකම්ද තම ගනුදෙනුකරුවන්ට ලබාදෙයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ HDFC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි පාලිත ගමගේ මහතා සහ සණස රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වසන්ත පේ‍්‍රමලාල් මහතා එම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අවස්ථාවයි.

මාතෘකා