3M නව කාර්යාල පරිශ්‍රය කොළඹදී විවෘත කෙරේ

 ඡායාරූපය:

3M නව කාර්යාල පරිශ්‍රය කොළඹදී විවෘත කෙරේ

ලොව විවිධ අංශයන්හී සුපතළ පාරිභෝගික වෙ‍ෙළඳ නාමයක් වන 3M නිෂ්පාදන මෙරට බලය ලත් බෙදාහැරීමේ නියෝජිත වශයෙන් මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය හා ජාත්‍යන්තර 3M ග්ලෝබල් චැනල් සර්විසස් සමාගම පසුගිය දිනෙක අත්වැල් බැඳ ගත්තේය.

3M ග්ලෝබල් චැනල් සර්විසස් සමාගමේ සහයෝගීතාවය සමඟින් 3M නිෂ්පාදන කාණ්ඩයක් සඳහා ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ පූර්ණ බලය ලත් මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය සිය නවතම ප්‍රදර්ශනාගාරය සහ කාර්යාල පරිශ්‍රය කොළඹ 2, යූනියන් පෙදෙස, අංක 341 ස්ථානයේ විවෘත කළේය. උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද මෙම අවස්ථාව සඳහා මැක්ලරන්ස් සමූහයේ සභාපති තැන්පත් රොහාන් ද සිල්වා මහතා, ෂෙහාරා ජයවර්ධන, දිනේෂ් ජයවර්ධන, සමූහයේ පාලන අධ්‍යක්‍ෂවරු ඇතුළුව සෙසු අධ්‍යක්‍ෂවරු සහ කාර්යමණ්ඩලය සහභාගි වූහ.

 

මාතෘකා