දැන් XIMIVOGUE කැන්ඩි සිටි සෙන්ටර් හිදී

 ඡායාරූපය:

දැන් XIMIVOGUE කැන්ඩි සිටි සෙන්ටර් හිදී

2018 ජූලි මාසයේ මෙරටට හඳුන්වා දුන් උසස් තත්ත්වයේ සන්නාමයක් වන XIMIVOGUE සිය තෙවන අලෙවි සැල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරයි. මෙම සන්නාමය යටතේ ඉතා පුළුල් පරාසයක භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කරනු ලබයි.

ඒ අතර ගෘහ උපකරණ, සෞඛ්‍ය සහ රූපලාවණ‍ය, උත්සව නිෂ්පාදන, බෝනික්කන් සහ සෙල්ලම් බඩු, ඩිජිටල් උපාංග, බෑග් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන රැසක් වෙයි.

කොරියානු විලාසිතාවන් පදනම් කරගෙන වසර 2015 දී ආරම්භ කෙරුණු XIMIVOGUE සන්නාමය චීනයේ ග්වැන්ඩොන්ග් ග්වැන්ෂු ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සිය මූලස්ථානය කරගෙන කටයුතු කරයි.

මෙම සන්නාමය ජාත්‍යන්තර වශයෙන් දියත් කිරීමෙන් පසු ඉතා වේගයෙන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව, රුසියාව, ඉරානය, මැලේසියාව, ඩුබායි, නේපාලය, තුර්කිය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඕමානය, කුවේටය, සෞදි අරාබියාව, වියට්නාමය, ආදී රටවල් රැසක අතිශය වේගයෙන් ජනප්‍රිය වූ සන්නාමයක් බවට පත්ව තිබේ.

ඉතා කටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත්වූ මෙම සන්නාමයේ මෙරට ප්‍රථම අලෙවි සැල මහරගම ප්‍රදේශයේ පසුගියදා විවෘත විය. මීට අමතරව මෑතක දී විවෘත කළ මරීනෝ මෝල් හි දී සහ කැන්ඩි සිටි සෙන්ටර් හි ද මෙම XIMIVOGUE අලෙවි සැල් පිහිටා ඇත.

 

මාතෘකා