ස්ටාර් හෝල්ඩින්ස් ලැවෙන්ඩර් ඩිටර්ජන්ට් පවුඩර් හඳුන්වා දෙයි

 ඡායාරූපය:

ස්ටාර් හෝල්ඩින්ස් ලැවෙන්ඩර් ඩිටර්ජන්ට් පවුඩර් හඳුන්වා දෙයි

ස්ටාර් හෝල්ඩින්ස් (STAR Holdings) සමාගම ශ්‍රී ලංකාව තුළත් තවත් පුරෝගාමී හඳුන්වාදීමක් සිදුකිරීමට මෑතකදී කටයුතු කළේය. ඒ අනුව එම සමාගම විසින් මෙරට ප්‍රථම වරට ෆැබ්රික් සොෆ්ට්නර් සහිත ලැවෙන්ඩර් රෙදි සෝදන කුඩු නිෂ්පාදනයක් වෙ‍ෙළඳපොළට හඳුන්වා දෙන ලදි. මෙය ස්ටාර් ඩිෂ්වොෂ් රවුන්ඩ් සහ ස්ටාර් වොෂින් පවුඩර් නිෂ්පාදන අතරට එක්වන අලූත්ම නිෂ්පාදනය ලෙස හැඳින්විය හැක.

ෆැබ්රික් සොෆ්ට්නර් සහිත විශේෂ සංයෝගයක් සහිතව මෙසේ සැබෑම ද්විත්ව ක්‍රියාකාරීත්වයකින් යුක්ත නිෂ්පාදනයක් වෙළඳපොළට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බව සමාගම පවසයි. මෙම රෙදි සෝදන කුඩු වර්ගයට රෙදි පිරිසිදු කරන අතරම මෘදු කිරීමේ හැකියාවද ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමාගමක් මෙසේ රෙදිපිළි මෘදු කිරීමේ හැකියාව සහිත ඩිටර්ජන්ට් කුඩු වර්ගයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

"මේ ආකාරයට තවත් පුරෝගාමී නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. ස්ටාර්ලයිට් ලැවෙන්ඩර් රෙදි සෝදන කුඩු වෙ‍ෙළඳපොළට පැමිණෙන්නේ ද්විත්ව ක්‍රියාකාරී සංයෝගයක් සමඟයි. මෙවැනි නිෂ්පාදනයක් කිසිදු බහුජාතික සමාගමක් මෙරටට මෙතෙක් හඳුන්වාදී නැහැ. ස්ටාර් හෝල්ඩින්ස් යනු සියයට සියයක්ම දේශීය සමාගමක්. අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට පිවිතුරු බව සහ සුවපහසුව ළඟාකරදීමයි. අපගේ නිෂ්පාදනවල කාර්යක්ෂමතාව වැඩි කරන අතරම දිගින් දිගටම පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන හඳුන්වා දීම අපගේ ඉලක්කය වී තිබෙනවා.” යනුවෙන් ස්ටාර් හෝල්ඩින්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) හෂාන් හපුතන්ත්‍රී මහතා පැවැසීය.

මාතෘකා