හුන්ඩායි Grand i10 රථයේ මෙරට අලෙවිය 500 ඉක්මවයි

 ඡායාරූපය:

හුන්ඩායි Grand i10 රථයේ මෙරට අලෙවිය 500 ඉක්මවයි

යුරෝපීය ප්‍රමිතීන්ට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය කර ඇති, අතිනවීන තාක්ෂණයෙන් යුත් රථයක් වන හුන්ඩායි Grand i10 රථ 500ක් දැනටමත් මෙරට තුළ අලෙවි වී තිබේ. හුන්ඩායි රථවාහන සඳහා මෙරට නිල නියෝජිතයන් වන හුන්ඩායි ලංකා (ෙපෟ) සමාගම මෑතකදී එම සන්ධිස්ථානය සැමරීමට කටයුතු කළේ ය.

වේග හතරේ ටිප්ට්‍රොනික් ගියර පද්ධතිය සහිත, දොර 5 හැච්බැක් වර්ගයේ රථයක් වන හුන්ඩායි Grand i10 හි ඇති 1 litre Kappa එන්ජිම ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් ඉහළම ක්‍රියාකාරීත්වයක් ලබාදීමට සමත් එන්ජිමකි. 5 දෙනෙකුට පහසුවෙන් අසුන්ගත හැකි Grand i10 හි බඳ, ආරක්ෂාව සහතික වන පරිදි ශක්තිමත් ලෙස නිමවා තිබේ. පසුපස මගීන් සඳහා වායුසමීකරණ කවුළු මෙන්ම Anti-lock Braking System (ABS&), Dual airbags, 4-speaker surround sound system සහ iPhone and Android connectivity ඇතුළු විශේෂාංග රාශියක්ද මෙහි ඇතුළත් ය.

‘‘හුන්ඩායි Grand i10 රථය මෙරටට හඳුන්වා දුන් දින සිටම වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවතීම අපට විශාල සතුටක්. ඉහළම තාක්ෂණයක් සහ විශිෂ්ට ප්‍රමිතියක් සහිත, ගෙවන මුදලට වැඩිම වටිනාකමක් ලබාදෙන රථයක් ලෙස මෙය ඇගයීමට ලක්වී තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ දීර්ඝකාලීනව පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් ලබාදීම සඳහා අගය එකතු කළ නිෂ්පාදන හා සේවාවන් පෙළක්ද ඔවුන් වෙත පිරිනැමීමයි.” හුන්ඩායි ලංකා (ෙපෟ) සමාගමේ අධ්‍යක්ෂ ජුලියන් රොයිටර් මහතා පැවසී ය.

මාතෘකා