නිව් ඇලුටෙක් සමූහ ව්‍යාපාරයට MASSCO ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය

 ඡායාරූපය:

නිව් ඇලුටෙක් සමූහ ව්‍යාපාරයට MASSCO ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනයක් වන නිව් ඇලුටෙක් සමූහ ව්‍යාපාරයේ සභාපති ඊ.කේ. අනිල් ද සිල්වා මහතා ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රමාඩා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

"අනාගත අවශ්‍යතා හා ඉල්ලුමට ගැළපෙන ලෙස ඉහළම තාක්ෂණය භාවිතයෙන් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ පාරිභෝගිකයන්ට සැපයීම අපගේ මූලික අරමුණයි. දෙවන වරටත් ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීම අපගේ එම උත්සාහය අගය කිරීමක් ලෙස හැඳින්විය හැකියි." යැයි අනිල් ද සිල්වා මහතා පැවසීය. ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නිව් ඇලුටෙක් සමූහ ව්‍යාපාරය නවීන තාක්ෂණයෙන්, උසස් ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මක භාවයෙන් පරිපූර්ණව නිපදවන ඇලුමිනියන් පැන්ට්‍රි කබඩ් සඳහා වසර විසිපහක වගකීම් සහතිකයක් පිරිනමයි.

මෙම පැන්ට්‍රි කබඩ් කෘමීන්ගෙන්, ජලයෙන්, ගින්නෙන් හා මල බැඳීමෙන් කිසිඳු ආපදාවක් සිදු නොවී දීර්ඝ කාලයක් භාවිත කළ හැකිය. නිවාස, කාර්යාල, කර්මාන්තශාලා ආදී ඕනෑම ස්ථානයකට ගැළපෙන පැන්ට්‍රි කබඩ් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව පරිදි විවිධ වර්ණවලින් හා විවිධ මෝස්තරවලින් යුතුව නැවත වර්ණ ගැන්විය හැකි පරිදි නිපදවයි. පැන්ට්‍රි කබඩ්වලට අමතරව ඇලුමිනියම් භාවිතයෙන් උළුවහු, දොර, ජනෙල්, පඩිපෙළවන් හා අත්වැටවල්, ක්ලැඩින් මෙන්ම සියලුම ගෘහ භාණ්ඩ වර්ගද ඇලුටෙක් සමූහ ව්‍යාපාරය නිපදවයි.

මාතෘකා