OPPO A7 දුරකථනය ළඟදීම ශ්‍රී ලංකාවට

 ඡායාරූපය:

OPPO A7 දුරකථනය ළඟදීම ශ්‍රී ලංකාවට

මෙම මස අගදී නව OPPO A7 දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව OPPO Sri Lanka සමාගම නිවේදනය කළේය. වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයද සහිතව පැමිණෙන මෙම නව දුරකථනය සහනදායී මිලකට ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රථම වරට බලවත් බැටරි සමඟ සහනදායී මිල ගණන් හඳුන්වා දුන් OPPO A Series දුරකථන පෙළ, ආරම්භයේ පටන්ම වැඩියෙන්ම අලෙවි වන OPPO දුරකථන පෙළක් බවට පත්වී තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහිත 16 Mega Pixel ඉදිරිපස කැමරාවක් සහ 2.0 හා 13MP+2MP ද්විත්ව පසුපස කැමරා ද, 4230mAh විශාල ප්‍රමාණයේ බැටරියක් ද ඇතුළුව අතිනවීන විශේෂාංග රැසක් සහිත, ඉතාමත් තාත්වික සහ අලංකාර සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලබාදෙන නව OPPO A7 දුරකථනය රට පුරා පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු නිසැකය.

"ද්විත්ව කැමරා, පූර්ණ තිරය, ආරෝපණය දිගුකල් පවතින බැටරිය වැනි විශේෂාංග සමඟින් සහනදායී මිලකට ලබාගත හැකි දුරකථනයක් වෙ‍ෙළඳපොළේ නොපැවතීම තරුණ පරපුරට මෙතෙක් අඩුවක් වී පැවතුණා. OPPO A7 දුරකථනය මඟින් ඒ අඩුව සපිරෙනවා. ආරෝපණය දිගුකල් පවතින බැටරිය නිසා කෙනෙකුට නිදහසේ තම ජීවිතේ සොඳුරු මතකයන් දවස පුරා ඡායාරූපයට නැ‍ඟීමට පුළුවන්." OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවැසීය.

මෙතෙක් බොහෝ දෙනෙකුට පැවැති ගැටලුවක් වන, ස්මාර්ට් දුරකථනවල බැටරිය ඉක්මනින් බැස යෑමේ ගැටලුව නව දුරකථනයේ ඇති 4230pAh බැටරිය නිසා විසඳෙනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර තම දුරකථන විවිධ අරමුණු වෙනුවෙන් නිතර භාවිත කරන නිසා, OPPO A7 ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවට සැකයක් නැත.

මාතෘකා