AIA වෙතින් මවුපියන්ට විශේෂ සම්මන්ත්‍රණ මාලාවක්

 ඡායාරූපය:

AIA වෙතින් මවුපියන්ට විශේෂ සම්මන්ත්‍රණ මාලාවක්

මේ සඳහා ශ්‍රී ලාංකික මවුපියන් හට සහාය වීමේ පරමාර්ථයෙන් AIA රක්ෂණ සමාගම විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහන් මාලාවක් මේ වනවිටත් රට වටා දියත් කර ඇත.

මෙම වැඩසටහන් මඟින් අද සමාජයේ දරුවන් අත්දකින සමාජයීය, තාක්ෂණික වෙනස්කම් පිළිබඳ නිතර විමසිලිමත්ව සිටීමේ වැදගත්කමත්, තම දරුවන් සමඟ ප්‍රීතිමත් තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති. මෙසේ ලබාදෙන වටිනා විශේෂඥ උපදෙස් මවුපියන්ගේ මෙන්ම දරුවන්ගේ මානසික, කායික යහපැවැත්මට විශාල වශයෙන් ඉවහල් වනු ඇත.

රක්ෂණ සමාගම දියත්කර ඇති පර්යේෂණයන් මඟින් හෙළි කළ වැදගත් කාරණාවක් වූයේ දිවයින පුරා වෙසෙනා බොහෝ මවුපියන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වන්නේ නූතන සමාජය තුළ ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් උදෙසා නියමාකාරව තම දරුවන් හා පවුල් ජීවිතය කළමනාකරණය කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳයි. දැනටමත් මෙම වැඩසටහනට සහභාගීවීම තුළින් සමබර සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් ගත කිරීමට විවිධාකාර විශේෂඥ උපදෙස් ලබා ගැනීමට, මවුපියන් හා දරුවන් රාශියකට හැකියාව ලැබී ඇත. ඒ තුළින් තම දරුවන් හොඳින් තේරුම් ගැනීම සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනැ‍ඟීමටත්, ප්‍රීතිමත් පවුලක් හා ජීවිතය ජය ගැනීමට හැකි දරුවන් හදාවඩා ගැනීමටත් උපදෙස් රාශියක් සහභාගී වූ සියලුම පවුල් ලබා ඇත.

මාතෘකා