Daraz වෙතින් 11.11

 ඡායාරූපය:

Daraz වෙතින් 11.11

ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz, ශ්‍රී ලංකාවේ පළමු වරට ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන "11.11" ප්‍රවර්ධන වැඩසටහන පවත්වන්නට සූදානම් වේ. මෙම දැවැන්ත කටයුත්ත සඳහා රෙකිට් බෙන්කිසර්, යුනිලිවර්, ඇන්කර්, සැම්සුන්ග්, Avirate, බ්‍රවුන්ස් Co, Nivea යන ආයතනයන්ගේ අනුග්‍රාහක දායකත්වය සැලසෙන අතර Rakuten Viber නිල පණිවුඩ සහකරු ලෙස කටයුතු කරනු ලබයි.

මෑතක දී හඳුන්වාදුන් නවතම Daraz App සමඟ ක්‍රියාත්මක වන පළමු දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන වන "11.11" වැඩසටහන පාරිභෝගිකයන් වෙත ඔවුන් පෙර නොවිඳි අපූර්වත්වයකින් යුතු ප්‍රබෝධමත් සාප්පු සවාරියක මිහිර ලබාදීමෙහි සමත්ය. එදා මෙදා තුර ශ්‍රී ලාංකීය අන්තර්ජාලගත වෙළෙඳපොළ තුළ "11.11" වැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වන අතර එය මෙරට අන්තර්ජාලගත අලෙවි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් කරන්නකි.

11. 11 යනු කුමක්ද?

"11.11" වැඩසටහන ආරම්භ වන්නේ වර්ෂ 2009 දී, Daraz හි මව් සමාගම වන Alibaba විසින්ය. දස වසරකට පසු

ශ්‍රි ලාංකික පාරිභෝගිකයන් වෙත "11.11" ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීම මෙවර සමීප වේ.

"11.11" යනු නොවැම්බර් 11 සංකේතාත්මකව අංක මඟින් දැක්වීමකි. ශ්‍රී ලාංකිකයන්ට වෙහෙසකින් තොරව ඇඟිලි තුඩු අගින් සුව පහසු සාප්පු සවාරියක් තිළිණ කරන "11.11" වැඩසටහන පවත්වනු ලබන්නේ 2018 නොවැම්බර් 11 වැනිදා බවත් එහි අදහස වේ.

11. 11 වෙතින් ලැබෙන්නේ මොනවාද?

ලොව ප්‍රමුඛතම වෙළෙඳ නාමයන්ගේ පාරිභෝගික භාණ්ඩ සඳහා සුවිසල් වට්ටම්, පුදුම හිතෙන තෑගි, වවුචර් පත්, භාණ්ඩ මිල දී ගැනීමේ දී බැංකු වෙතින් ලබාදෙන සුවිශේෂී මූල්‍යමය වාසි වැනි පාරිභෝගිකයන් දිරිගන්වන වාසි රැසක් "11.11" තුළ අන්තර්ගතවේ. නව Daraz App හරහා ලොව විශාලතම එක්දින අන්තර්ජාලගත වෙළෙඳපොළ නිර්මාණය කිරීම අන්තර්ජාලගත අලෙවිකරණයේ නව යුගයක ඇරඹුම වනු නොඅනුමානයි.

මාතෘකා