Meal Deal ආහාර බෙදාහැරීමේ සේවාව දැන් ක්‍රියාත්මකයි

 ඡායාරූපය:

Meal Deal ආහාර බෙදාහැරීමේ සේවාව දැන් ක්‍රියාත්මකයි

හිත ඉල්ලන රස ආහාරයක අවශ්‍යතාව එක්වරම ඔබ තුළ ඇතිවන්නේ අනපේක්ෂිත ආකාරයෙනි. ඔබේ ප්‍රියතම ආහාරවේල ඔබට අවශ්‍යම මොහොතේ දී හුදෙක් අතැඟිලි තුඩු අගින්, නොවෙහෙසී කළ සුළු උත්සාහයකින් ඔබ අසලට රැගෙන එමින් ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරන Meal Deal නවතම

ශ්‍රී ලාංකීය ආහාර බෙදාහැරීම් සේවාවද සිය වෙබ් අඩවිය හා ජංගම දුරකථන App විසඳුම හරහා ඔබට සහාය වන්නේ රසවත් ආහාර සැණෙකින් ඔබ අසලටම සමීප කරමිනි.

Meal Deal යනු මෙරට වේගවත්ම ආහාර බෙදාහැරීමේ සේවාවේ පළමුවැන්නා වන්නේ සතියේ දින 7 පුරා 24 පැයේ ආයතනික මුළුතැන්ගෙයින් පමණක් නොව Meal Deal සමඟ අත්වැල් බැඳගෙන සිටින මෙරට ප්‍රමුඛතම අවන්හල් සමඟද එක්වෙමින් ඉතා වේගවත්ව පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කරන නිසාවෙනි.

ශ්‍රී ලාංකේය ආහාර මෙන්ම බටහිර, ඉන්දියානු, චීන හා විවිධ ආහාර සම්ප්‍රදායන් රැසක රසවත් ආහාර වර්ග රැසක් අතරින් තමාගේ ප්‍රියතම ආහාර තෝරා ඇණවුම් කිරීමේ අවස්ථාව Meal Deal පාරිභෝගිකයන්ට හිමිකරදෙයි. Shanghai Terrace, Loon Tao, The Royal Bakery, Almonds, Pillow Hotels, Il Cielo, Tsing Tao, Berlin Sky Lounge, The Cakery, The Food Station, Elite Indian Restaurant සහ Tsukiji Uoichi වැනි මෙරට ප්‍රමුඛ පෙළේ අවන්හල් ගණනාවක් මෙහි දී Meal Deal සමඟ අත්වැල් බැඳගෙන සිටියි.

"ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර ගණනාවක් තිස්සේ අප ලත් අත්දැකීම් අනුව පවතින ආහාර බෙදාහැරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවිය යුතු යැයි අප තේරුම් ගත්තා. ඒ අනුව නිර්මාණය වූ Meal Deal හරහා අපි පළමුවෙන්ම කොළඹ ආශ්‍රිතව කටයුතු ආරම්භ කළේ අනාගතයේදී දීපව්‍යාප්ත සේවා ජාලයක් බවට පත්වීමේ අරමුණ පෙරදැරි කොටගෙනයි.

අපගේ පළපුරුදු කාර්යශූර කණ්ඩායම සැමවිටම ශ්‍රී ලාංකේය රසවතුන්ටත් අප හා අත්වැල් බැඳගෙන සිටින හවුල්කාර ආයතනයන්ටත් ඉහල තෘප්තිමත්බවක් අත්කර දෙන්නට වෙහෙසෙනවා." යැයි Meal Deal නිර්මාතෘ ප්‍රසාද් රණසිංහ මහතා සිය සේවාව හඳුන්වා දුන් අවස්ථාවේ දී සභාව අමතමින් පැවැසීය.

මාතෘකා