විශේෂාංග PEO TV නවතම අධ්‍යාපන ව්‍යාපෘතිය විදැස ඩිජිටල් ඉස්කෝලේ

 ඡායාරූපය:

විශේෂාංග PEO TV නවතම අධ්‍යාපන ව්‍යාපෘතිය විදැස ඩිජිටල් ඉස්කෝලේ

නැණ ගුණ සපිරුණු අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV විසින් හඳුන්වාදෙන නවතම අධ්‍යාපනික නාළිකාව 'විදැස' නමින් වර්ෂ 2018 ඔක්තෝබර් මස 13 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී සිසු අයිතියට පත්කරන ලදී.

විදැස නාළිකාව PEO TV විසින් හඳුන්වාදුන් නවතම අධ්‍යාපනික ව්‍යාපෘතිය වන අතර මේ තුළින් 6 වන ශ්‍රේණියේ සිට 11වැනි ශ්‍රේණිය දක්වා එක් ශ්‍රේණියකට එක් නාළිකාව බැගින් නාළිකා 6ක් හඳුන්වාදී ඇත. මෙම නාළිකා පිළිවෙලින් විදැස 6, විදැස 7, විදැස 8 ආදී වශයෙන් විදැස 11 දක්වා ව්‍යාප්ත වේ. PEO TV නාළිකා ගොනුවේ විදැස නාළික ගොන්න ආරම්භ වන්නේ නාළිකා අංක 206නි. අනතුරුව නා ළිකා අංක 207, 208 ආදී වශයෙන් නාළිකා අංක 211 දක්වා විදැස නාළිකා පෙළගස්වා ඇත.

විදැස අධ්‍යාපනික නාළිකාව සඳහා අධ්‍යාපන අමත්‍යාංශය හා ධර්මවාහිනී පදනම සම්පත් දායකත්වය සපයනවා ඇත. මේ අනුව විදැස සියලුම නාළිකා වල විෂය කරුණු උගන්වනුයේ රජයේ පාසල් ගුරුවරුන් වේ. එසේම පාසල් විෂය නිර්දේශයට සමගාමීව විදැස නාලිකා සියල්ලම විකාශනය කරනවා ඇත. පාසලෙන් පසු සිසු දරුවන්ට සිය නිවසේදී වුව නිදහසේ තමන්ට හැකි ලෙසින් සිය අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමේ හැකියාව මේ අනුව සිසු දරුවන්ට ලැබේ. තවද PEO TV හඳුන්වාදෙන විදැස අධ්‍යාපනික ව්‍යාපෘතිය හේතුවෙන් දෙමාපියන්ටද හිමිවන්නේ විශාල සහනයකි. අනාගත ඩිජිටල් අධ්‍යාපනික ලෝකයක වර්තමාන පළමු පියවර වන විදැස අධ්‍යාපන නාළිකා සමූහය ඩිජිටල් ඉස්කෝලය නමින්ද හඳුන්වනවා ඇත.


ෆැෂන් බග් රූ සිත්තම් 2018 චිත්‍ර තරගාවලිය සාර්ථකව නිමාවෙයි

සහජයෙන්ම නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් සපිරි දරුවෝ චිත්‍ර නිර්මාණය කෙරෙහි බොහෝ කැමැත්තක් දක්වති. චිත්‍ර නිර්මාණකරණය හරහා දරුවන්ගේ නිර්මාණශීලී චින්තනය වැඩිදියුණු කරමින් සමබර පෞර්ෂයක් සහිතව වැඩෙන්නට අත්වැලක් වෙන්නට මෙරට කීර්තිමත් රෙදිපිළි අලෙවි ජාලයක් වන ෆැෂන් බග් ආයතනය 'රූ සිත්තම්' ළමා චිත්‍ර තරගාවලිය අරඹන්නේ වර්ෂ 2011 දීය. එදා මෙදා තුර වසර ගණනාවක් තිස්සේ මෙරට දරු පරපුරේ නිර්මාණශීලීත්වය දියුණු කිරීමට වෙහෙසෙන ෆැෂන් බග් ආයතනය අඛණ්ඩව 8 වැනි වරටත් 'රූ සිත්තම්' ළමා චිත්‍ර තරගාවලිය අති සාර්ථක අන්දමින් මෙවරත් පවත්වනු ලැබීය. දිවයින පුරා පාසල් 400කට අධික සංඛ්‍යාවකින් ඉදිරිපත් වූ 68, 000කට අධික අයදුම්කරුවන් අතරින් වයස් කාණ්ඩ 3ක් යටතේ ජයග්‍රාහකයන් රැසක් මෙවර ත්‍යාග පිරිනැමීම සඳහා තෝරාගන්නා ලදී. 'රූ සිත්තම්' ළමා චිත්‍ර තරගාවලියේ ත්‍යාග පිරිනැමීම පසුගියදා කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැති උත්සවයන් හී දී සිදුකෙරිණ.


කාර්මාර්ට් නව ප්‍රදර්ශනාගාර මහනුවර සහ මඩකළපුවේදී

ආසියාවේ පර්ජෝ සඳහා පැරණිතම මෝටර් රථ ආනයන සමාගම සහ පර්ජෝ සමාගමේ බලය ලත් මෙරට එකම ආනයන සමාගම වන කාර්මාර්ට් මෑතක දී මහනුවර සහ මඩකළපුව ප්‍රදේශවල නව බලයලත් ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තුළ පර්ජෝ සන්නාමය තවදුරටත් ශක්තිමත් කරවීමේ වැඩසටහනක ආරම්භක පියවර වනු ඇත.

ලොව පුරා මේ වනවිට අතිශයින් ජනප්‍රිය වී ඇති පර්ජෝ SUV රථ එකතුව මෙරටට හඳුන්වා දීමටද කාර්මාර්ට් සමාගම මෑතක දී කටයුතු කළේ ය. මෙම රථවල අතිනවීන තාක්ෂණය, අලංකාර නිමාව සහ අනෙකුත් ගුණාංග වෙනුවෙන් සම්මාන හා ඇගයුම් රැසක්ද හිමිවී තිබේ. පර්ජෝ 3008 සහ 5008 SUV රථ පැමිණෙනුයේ අලංකාර i-Cockpit’ අභ්‍යන්තර නිමාව සමගින් නිසා එය නව පරපුරේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී ඇත.

මේවායේ භාවිත වන PureTech 1.2 L turbo charged පෙට‍්‍රල් එන්ජිම 2015 සිට 2018 දක්වා අඛණ්ඩව වසර 4 ක් ‘වසරේ විශිෂ්ටතම ජාත්‍යන්තර එන්ජිම’ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. හඳුන්වා දීමේ මිලක් ලෙස මෙම රථ රු. මිලියන 7.1 සිට ඉහළට ලබාගත හැකිවීම නිසා ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමිවන රථ පෙළක් ලෙසද මෙම රථ ජනප්‍රිය වෙමින් පවතී. තවද මෙම රථ සඳහා වසර 3ක පරිපූර්ණ නිෂ්පාදක වගකීමක් මෙන්ම වසර 12 ක බඳ සම්බන්ධ වගකීමක් හිමිවන අතර සීමිත කාලයක් සඳහා වසර 4 ක්/කිලෝමීටර් 80, 000 ක් දක්වා අමතර කොටස්, උපාංග සහ වැඩ කුලිය ඇතුළුව සේවා වාර 4 ක් නොමිලයේ ලබාදීමටද කටයුතු යොදා ඇත.

මාතෘකා