නිවසට ජීවය කැන්දන ගෘහභාණ්ඩ

 ඡායාරූපය:

නිවසට ජීවය කැන්දන ගෘහභාණ්ඩ

සුවපහසු දිවිපෙවෙතකට වසර 160ක් පුරා මග කියාදුන් සිංගර්, පසුගිය වසර ගණනාවක් පුරාවටම ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියතම වෙළෙඳ නාමයයි. රටක ජනතාවගේ පළමු තේරීම බවට පත්වන්නට භාණ්ඩවල තත්ත්වය, තාක්ෂණය, නිමාව, කල්පැවැත්ම, අලෙවියෙන් පසු සේවාව හේතුවන අතර සිංගර් සැමවිටම පළමු තේරීම බවට පත්වන්නේ පාරිභෝගික සිතුම් පැතුම් සහ අවශ්‍යතා හඳුනාගැනීමත්, ඊට අනුකූලව නිෂ්පාදනයන් වෙළෙඳ‍ෙපාළට හඳුන්වාදීමත් නිසාය.

නිවාස සැලසුම් කිරීමේදී හැකිතාක් දුරට අවම ගෘහභාණ්ඩ ප්‍රමාණයකින් මනා පෙනුමක් ලබාදී ඉඩකඩ සහිත නිදහස් පරිසරයක් නිවස තුළ නිර්මාණය කරදීම ගෘහ නිර්මාන ශිල්පීන්ගේ උත්සාහයයි. මේ සඳහා අද වනවිට ජාත්‍යන්තර වෙළෙඳපල තුළ සීඝ්‍ර ලෙසින් ජනප්‍රිය වෙමින් ඇත්තේ ද්විත්ව කාර්ය ගෘහ භාණ්ඩය.

බිත්තියට සවිකළ දිගහැරෙන මේස, ලාච්චු සහිත තරප්පු පෙළ වැනි බොහෝ නිමැවුම් අතර ඉඩකඩ පිරිමසන සුව පහසු අසුනක් ලෙසින් සකසා ගත හැකි මනරම් සෝෆා ඇඳන් මාදිලි ගණනාවක් සිංගර් ශ්‍රී ලංකා වෙතින් ශ්‍රී ලාංකිකයන්ට තිළිණ කර ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත් වෙළෙඳ නාමයක් වන ඩෝමස්විටා ඩිසයින් (DOMUSVITA DESIGN) නාමය යටතේ සිංගර් ශ්‍රී ලංකා ආනයනය කරන මෙම ‘සෝෆා බෙඩ්‘ මාදිලි දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවලින් ලබා ගත හැකි අතර සිංගර් හෝම්ස් සහ සිංගර් මෙගා ශාඛා ජාලා තුළදී මෙම සෝෆා ඇඳන්වල සුවපහසුව ප්‍රායෝගිකව අත්විඳීමට ද පුළුවන.

සාලයේ සිට මුළුතැන්ගෙය දක්වා අවශ්‍ය සියළුම ගෘහභාණ්ඩ තෝරාගැනීමේදී සිංගර් ගෘහභාණ්ඩ කෙරෙහි ප්‍රමුඛතාව හිමිවන්නේ උසස් තත්ත්වය, හොඳම අමුද්‍රව්‍ය, සිත්ගන්නා සුළු නිමාව, කල් පැවැත්ම ආදිය පිළිබඳව පවතින විශ්වාසය නිසාය. ආකර්ශණීය වට්ටම් සමගින් පහසු ගෙවීමේ ක්‍රමයට සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ද සහිතව මිලදී ගත හැකිවීම පාරිභෝගිකයන්හට මහත් සහනයකි. එමෙන්ම විවිධ මාදිලියේ නවමු මෝස්තර වලින් එළිදකින නවීනතම කාර්යාල ගෘහභාණ්ඩ සඳහා ද සිංගර් වෙත ඇති ඉල්ලුම අතිවිශාලය.

ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳසැල් ජාලය හා දිවයින පුරා විහිදුණු අසමසම අලෙවියෙන් පසු සේවා සැපයුම සමගින් පාරිභෝගික ජනතාවගේ අතිවිශිෂ්ට විශ්වාසය දිනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම පසුගිය වසර 12ක කාලය මුළුල්ලේම ජනප්‍රියතම වෙළෙඳ නාමය, පාරිභෝගික වෙළෙඳ නාමය සහ තාරුණ්‍යයේ වෙළෙඳ නාමය යන ප්‍රධානතම ස්ලිම් නීල්සන් සම්මාන ත්‍රිත්වයට අඛණ්ඩව හිමිකම් කියයි.

මාතෘකා