ඔබේ සිහින සැබෑ කර ගැනීමට ලංකා බැංකුවෙන් පුද්ගලික ණයක් | ඇස පාදන රැස


ඔබේ සිහින සැබෑ කර ගැනීමට ලංකා බැංකුවෙන් පුද්ගලික ණයක්

 ඡායාරූපය:

ඔබේ සිහින සැබෑ කර ගැනීමට ලංකා බැංකුවෙන් පුද්ගලික ණයක්

විශ්වසනීයත්වය සහ විශිෂ්ට සේවය සමග ඔබට ඉහළම පෙළේ පහසුකමක් ප්‍රදානය කරන ‘BOC Personal Loan’ මගින් රාජ්‍ය සේවයේ ස්ථිර සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ ‘BOC Personal Loan’ සඳහා ලියාපදිංචි සමාගම් වලට තම අවශ්‍යතාවයන්ට ගැළපෙන කඩිනම් පුද්ගලික ණයක් ලබා ගැනීමේ අවස්ථාව දැන් උදාවී ඇත. වසර 10 ක උපරිම ආපසු ගෙවීමේ කාලයකට යටත්ව ආකර්ශනීය පොලී අනුපාත යටතේ දිවයින පුරා විහිදුනු ලංකා බැංකුවේ ශාඛා 627 කට වඩා වැඩි ශාඛා ජාලයෙන් මෙම ණය මුදල ලබා ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.

මෙම ණය මගින් වාහනයක් මිලදී ගැනීම, ඔබ බලාපොරොත්තු වන අන්දමේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට, ඔබේ නිවසේ අභ්‍යන්තර පෙනුම ඉහළ නංවන ගෘහ උපකරණ/ භාණ්ඩ මිලදී ගැනීමට, දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් ආවරණය කර ගැනීමට එසේත් නැතහොත් වන්දනා ගමනක්/විදේශ සංචාරයක යෙදීමට ආදී තම සිහින සැබෑ කර ගැනීමට ගනුදෙනුකරුවන්හට හැකියාව ලැබී ඇත. ශාඛා මෙන්ම ATM/CDM/Online Banking and Mobile App ඇතුලු වෙනත් සියලු ඩිජිටල් චැනලයන් සම්බන්ධ කරන අන්තර් සම්බන්ධිත ජාලය සමග ලංකා බැංකුව ගනුදෙනුකාර ප්‍රජාවට තම විශිෂ්ට සේවය සලසමින් සිටියි.

රටේ ආර්ථිකය නගා සිටුවන අතරම සියලු තරාතිරම් වල ශ්‍රී ලාංකිකයන්හට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නට සේවය සලසමින් තමන්ව මූල්‍යමය වශයෙන් ස්ථාවර කර ගනිමින් වසර 78 කට වැඩි අත්දැකීම් සමග ශ්‍රී ලාංකේය බැංකුකරණ කර්මාන්තයේ පෙරමුණ ගනිමින් ලංකා බැංකුව දිවයිනේ වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය බැංකුව බවට පත් වී ඇත. 'ද බෑන්කර්' (UK) සගරාව ලැයිස්තු ගත කර ඇති ආකාරයට ලංකා බැංකුව ලෝකයේ ඉහළම පෙළේ බැංකු 1000 අතරින් එකක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. (රට තුළ ශ්‍රේණිගත කිරීම අංක 1) SLIM Nielsens People’s Awards 2018 උළෙලේදී ලංකා බැංකුව People’s Service Brand of the Year සම්මානයෙන් පිදුම් ලැබූ අතර එය පොදු ජනතාව අතර සන්නාම ශක්තිය පිළිබිඹු කරයි.

මාතෘකා