JASTECA සම්මාන උළෙලේදී MAS ප්‍රධාන සම්මානවලින් පිදුම් ලබයි

 ඡායාරූපය:

JASTECA සම්මාන උළෙලේදී MAS ප්‍රධාන සම්මානවලින් පිදුම් ලබයි

අපනයන ඇඟළුම් ක්‍ෂේත්‍රයේ කළාපීය ප්‍රමුඛ ආයතනයක් වූමාස් හෝල්ඩිංග්ස් සමාගම පසුගියාද පැවැත්වූ JASTECA සම්මාන උළෙලේදී සම්මාන 11ක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරීමට සමත්විය.

5S, කයිසන් සහ සමාජ සත්කාරක වැඩසටහන් තුළින් ස්ථාවරත්වයට පත්වුණු ආයතන හඳුනාගැනීම සඳහා පවත්වනු ලබන මෙම තරඟය, ජපන් ශ්‍රී ලංකා තාක්‍ෂණික සහ සංස්කෘතික සම්මේලනය (JASTECA) මගින් සංවිධානය කරණු ලබන්නකි.

දේශීය මහා පරිමාණ තරඟකරුවන් අභිබවමින් JASTECA සම්මාන උළෙලේදී සිය කීර්තිය තහවුරු කරගත් MAS ආයතනය, එහිදී Taiki Akimoto 5S රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන, Nagaaki Yamamoto KAIZEN රිදී සහ කුසලතා සම්මාන මෙන්ම, ආයතනික සමාජ සත්කාරක සහ තිරපැවැත්ම සඳහා වන ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ JASTECA CSR /Sustainability ලෝකඩ සහ කුසලතා ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

දේශීය පෝෂිත නිෂ්පාදන (Lean manufacturers) ඛාණ්ඩය කේන්‍ද්‍ර කරගනිමින් එහි 5S ක්‍රියාවලිය හා සම්බන්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික සම්මාන උළෙල ලෙසJASTECA 5S සම්මාන උළෙල හඳුන්වා දිය හැකිය. මෙම සම්මාන උළෙලේදී ලංකාවේ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණයේ විශිෂ්ටතම 5S ක්‍රියාකාරිකයන් 5S, කයිසන්, CSR and Sustainability යන ප්‍රධාන ඛාණ්ඩ ත්‍රිත්වය යටතේ රන්, රිදී, ලෝකඩ සහ කුසලතා වශයෙන් ඇගයීමට ලක් වේ.

මාතෘකා

ජනප්‍රිය ලිපි