එල්.ටී.එල්. වසර 35ක ගමන්මඟ සමරයි

 ඡායාරූපය:

එල්.ටී.එල්. වසර 35ක ගමන්මඟ සමරයි

ඉහළ ප්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට්‍රාන්ස්ෆෝමර් ශ්‍රී ලංකාව තුළදීම නිපදවීම සදහා දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත නව ආයතනයක් නිර්මාණය කළ යුතුය යන ඉලක්කය සහිතව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශයේ තරුණ ඉංජිනේරුවෙකු වශයෙන් ක්‍රියා කළ යූ.ඩී. ජයවර්ධන මහතා විසින් එවකට විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශය භාරව කටයුතු කළ ඉංජිනේරුවරයා වූ චන්න අමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම බිහිකිරීමට කටයුතු කළේය.

1982 වසරේදී ට්‍රාන්ස්ෆෝමර් 700 ක් පමණ නිපදවීමේ හැකියාවකින් යුතු කර්මාන්ත ශාලාවකින් ඇරඹි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අද වන විට දේශීයව පමණක් නොව ට්‍රාන්ස්ෆෝමර් අපනයනය හරහා ජාත්‍යන්තරයද ජයගත් අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකික සමාගමක් බවට පත්ව ඇත. එල්.ටී.එල්. මෙරට විශාලතම බලශක්ති ජනන සමාගමද වේ. 90 දශකයේදී නඩත්තුවක් අවශ්‍ය නොවන ට්‍රාන්ස්ෆෝමර් සහිත දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට හැකියාව ලැබිණ.

සම්පූර්ණයෙන්ම පෞද්ගලික සමාගම් කළමනාකරණ ක්‍රමෝපායයන් අනුගමනය කරන LTL සමාගම තරගකාරී වෙළෙඳපොළ තත්ත්වයන්ට මුහුණු දෙමින් අභියෝග ජයගනිමින් සාර්ථකව ඉදිරියට පියමනිමින් සිටියි. පසුගිය වසර දහය තුළදී දේශීය සමාගමක් ලෙස බංගලාදේශය, ඕමානය සහ මාලදිවයින වැනි රටවල ඉදි කෙරුණු විදුලි බලාගාර මෙන්ම උගන්ඩාව, ටැන්සානියාව සහ කෙන්යාව වැනි රටවල විදුලි සම්ෙප්‍ර්ෂණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති හරහා LTL සමාගම මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 24 ක් පමණ වන අතර ඉන් රජයට ඉතිරිකර දුන් මුදල රුපියල් බිලියන 200 ක් පමණ වේ.

අද වනවිට සම්පූර්ණ දේශීය අවශ්‍යතාවය සපිරීමෙන් පසුව ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විසින් නිෂ්පාදිත ට්‍රාන්ස්ෆෝමර්ස් විදේශ රටවල් වෙත අපනයන කරනු ලබන අතර ආසියාවේ සහ අප්‍රිකාවේ ශ්‍රී ලංකා තේ වලට පසුව ඇති ජනප්‍රියම වෙළෙඳ සන්නාමය ද LTL හෝල්ඩිංස් වේ.

තාප, ජල විදුලි සහ සුළං බලාගාර මඟින් විදුලි ජනනය සඳහා කටයුතු කරන LTL හෝල්ඩිංස් සහ Ceyleex ඇතුළු සමාගම් සමූහයේ සාමූහික දායකත්වයෙන් යුතුව මෙරට මෙන්ම බංගලාදේශය, මාලදිවයින සහ අප්‍රිකාව ඇතුළු විදෙස් රටවලද විදුලි බල නිෂ්පාදන කටයුතු සිදු කිරීම මඟින් විදෙස් විනිමය විශාල වශයෙන් මෙරටට ලබාගැනීමටද හැකිව තිබීම දේශීය සමාගමක් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයකි. 

මාතෘකා