සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියෝ රෝමයේ සිරි විඳිති

 ඡායාරූපය:

සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියෝ රෝමයේ සිරි විඳිති

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අනුග්‍රහයෙන් එම සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කණ්ඩායමක් සතුටින් සපිරි දින හතරක රෝම සංචාරයක් පසුගියදා සිදුකළෝය.

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ 11 වන අදියරේ සුපිරි ත්‍යාගය දිනූ කණ්ඩායම මෙම සංචාරයට එක්වූ අතර මෙහිදී ඔවුන්ට රෝම නගරයේ සංචාරය කිරීම, වතිකානු කෞතුකාගාරය, සිස්ටීන් චැපල්, ශාන්ත පීතර බැසිලිකාව, ද කොලෝසියම්, පීයට්සා නවෝනා සහ ද පැන්තියන් නැරඹීමේ අවස්ථාව හිමිවිය. මීට අමතරව, සංචාරයේ අවසාන දිනයේදී අතිඋත්කර්ශවත් සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද මෙම කණ්ඩායම වෙනුවෙන් සමාගම පැවැත්වීය.

ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ සුපිරි ත්‍යාගය යටතේ සංචාරය කිරීමට සමාගම ලබාදුන් පස්වන යුරෝපීය ගමනාන්තය රෝමය වන අතර මීට පෙර ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ එංගලන්තය යන ගමනාන්ත වෙත සුපිරි ත්‍යාගය දිනාගත් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සංචාරය කළෝය. එසේම, ජයග්‍රාහකයින්ට ජපානය, චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවද සෙලින්කෝ ලයිෆ් විසින් ලබාදී තිබේ.

මාතෘකා