AIA රක්ෂණය ගැන අධ්‍යනයට සිසුන් උනන්දු කරවයි

 ඡායාරූපය:

AIA රක්ෂණය ගැන අධ්‍යනයට සිසුන් උනන්දු කරවයි

AIA රක්ෂණ සමාගම, වයඹ විශ්වවිද්‍යාලයේ රක්ෂණ සහ තක්සේරුකරණ උපාධි පාඨමාලාව සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව වන උරේෂා ශාරන්ගී හට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ රක්ෂණ සහ තක්සේරුකරණය පිලිබඳ උපාධි පාඨමාලාවක් පවත්වන එකම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්වවිද්‍යාලයයි. වසර 9 කට පෙර AIA රක්ෂණ සමාගම මෙම විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැඳ ගනිමින් රක්ෂණ අංශයෙන් බිහිවෙන හොඳම ශිෂ්‍යා හෝ ශිෂ්‍යාව ඇගයීමට ලක් කිරීම ආරම්භ කරන ලදී.

එතැන් පටන් නොකඩවා සෑම වසරකම රක්ෂණ සහ තක්සේරුකරණ අංශයෙහි විශිෂ්ටතම ශිෂ්‍යා වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට AIA කටයුතු යෙදීය.

මාතෘකා