'බොගවන්තලාව තේ' ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

 ඡායාරූපය:

'බොගවන්තලාව තේ' ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

තිරසාරත්වය සහ මෙරට තේ කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කරන බොගවන්තලාව තේ වතු සමාගම, ඇම්ස්ටර්ඩෑම් හිදී පැවති 2018 තිරසර ආහාර සම්මාන උළෙලේ 'නව තිරසර නිෂ්පාදන' කාණ්ඩය යටතේ ලොව දැවැන්තයන් සමග උරෙනුර ගැටෙමින් විශිෂ්ටතම තිරසර නිෂ්පාදනය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

තිරසාරත්වය මැනවින් පිළිබිඹු කරන නව ආහාර-පාන නිෂ්පාදන ඇගයුමට ලක් කිරීම සඳහා සම්මාන පිරිනැමුණු 'නව තිරසර නිෂ්පාදන' කාණ්ඩය යටතේ බෙල්ජියමේ Chocolero ශක්ති ජනක පානය, ස්විට්සර්ලන්තයේ Coop Switzerland කෘමි ආහාර නිෂ්පාදන සහ නෙදර්ලන්තයේ SeaMore මුහුදු බේකන් ආදේශකය ආදී ජාත්‍යන්තර සමාගම් අවසාන වටයට සුදුසුකම් ලැබූහ.


Fintek සමාගම Sharp නිල නියෝජිත බවට පත්වෙයි

Gestetner of Ceylon PLC සමාගමට අනුබද්ධ Fintek Managed Solutions (පුද්.) සමාගම මෙරට තුළ Sharp Office Automation නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමේ නිල නියෝජිතයන් ලෙස පත්කර තිබේ. Gestetner සමගම මේ වනවිට මෙරට කාර්යාල උපකරණ ගෙන්වා බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන අතර ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර කිහිපයක් කරා ව්‍යාප්ත වීමටද එම සමාගම අපේක්ෂා කරයි.


මිලේනියම් හවුසින් ඩිවලොපර්ස්  අලුත්ම නිවාස ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික ඉදිකිරීම් සමාගමක් වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පී.එල්.සී. සිය අලුත්ම සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන ‘Green Heights’ ව්‍යාපෘතිය සඳහා පසුගියදා මුල්ගල් තැබීය.

බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රාජගිරිය නගරයේ, රාජගිරිය පාර අංක 504 දරන ස්ථානයේ මෙම නිවාස සංකීර්ණය ඉදිවේ. නිදන කාමර දෙක සහ තුන බැගින් වූ සුඛෝපභෝගී නිවාස ඒකක 88ක් ඊට ඇතුළත් ය.

ප්‍රධාන පෙළේ පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළෙඳසැල්, රෝහල් ආදී නාගරික ජීවිතයකට ඇවැසි පහසුකම් සියල්ලක්ම පාහේ ‘Green Heights’ සිට කෙටි දුරකින් පිහිටා තිබීම කැපීපෙනේ.


ජංගම දුරකථන මිලදී ගැනීමේ සතියක් Daraz වෙතින්

ලොව සුපතල සන්නාමයන්ගෙන් යුත් ජංගම දුරකථන සහ උපාංග සඳහා 70%ක් දක්වා වට්ටම් සමගින්, මෙරට සෑම කෙනෙකුටම සිය ඩිජිටල් සිහිනය සැබෑ කරගැනීම පිණිස අතේ ඇති මුදලට ස්මාර්ට් දුරකථනයක් හිමිකරගැනීමේ අවස්ථාව සලසා දෙන Daraz Mobile Week 2018 හෙවත් ‘Daraz ජංගම දුරකථන සතිය’ ජුනි 18 වැනිදා ඇරඹිනි. එදින සිට අදාළ දින අනුව පිළිවෙලින් Samsung, Apple, Huawei, Nokia, Energizer යන සන්නාමයන්, දිනයේ සන්නාමය ලෙසින් අදහාගත නොහැකි අඩුම මිළ ගනන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කෙරේ.

මාතෘකා